'ඔන්ලයින් පනත' ගැන කාවින්දගේ මතය සජබයේ මතයදැයි'මර්දනකාරී නීතිවලට එරෙහි සන්ධානය' විපක්ෂ නායකවරයාගෙන් විමසයි

'ඔන්ලයින් පනත' ගැන කාවින්දගේ මතය සජබයේ මතයදැයි'මර්දනකාරී නීතිවලට එරෙහි සන්ධානය' විපක්ෂ නායකවරයාගෙන් විමසයි

පාර්ලිමේන්තු මන්ත්‍රී  කාවින්ද ජයවර්ධන මහතා 'ඔන්ලයින් පනත' බලාත්මක කරන්නැයි කළ ඉල්ලීම පිළිබඳව  'මර්දනකාරී නීතිවලට එරෙහි සන්ධානය' විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමින් විමසා ඇත්තේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාගේ මතය තම පක්ෂයේ මතයද යන්නයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

"මම කනගාටු වෙනවා. මම ඇත්ත වශයෙන්ම සමාව ඉල්ලනවා; මේ 'ඔන්ලයින් සේෆ්ටි බිල්' එකට විරුද්ධ වීම ගැන". යැයි ඔබ පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

තම පක්ෂයේ ඉල්ලීම මත තමන්ට ඔන්ලයින් ආරක්ෂණ පනතට විරුද්ධව ඡන්දය දීමට සිදුවූ බව  සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඔන්ලයින් පනත බලාත්මක කිරීමට අදාළ කමිටුව ඉක්මනින් පත්කරමින් පනත  ක්‍රියාවේ යෙදවීමට සුදුසු පසුබිම සකසන ලෙස තමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට මහජන නියෝජිතයෙකු ලෙස ඔහු කැමති මතයක් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇතැත්, ඔහු මෙම ප්‍රකාශය කරනුයේ , තමන් බලයට පත්වූ වහාම ඔන්ලයින්  පනත අහෝසි කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දෙමින් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක්ද  නිකුත් කළ,  ඔබ තුමන්ගේ පක්ෂයේ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතරය.

 සිවිල් සංවිධාන ,  මාධ්‍ය සංගම් සහ වෘත්තිය සමිති හමුවූ අවස්ථාවේදී ඔන්ලයින් පනත පිළිබඳව ඔබ විසින් දැරූ මතයට හාත්පසින්ම වෙනස් මතයක් ඔබගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා  ප්‍රකාශයට පත්කර මේ වනවිට දින කිහිපයක් ගතවී ඇතත් විපක්ෂ නායකවරයා ලෙස ඔබ හෝ සමගි ජන බලවේගයේ කිසිදු ප්‍රකාශකයෙකු මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක්ම ප්‍රකාශ කර නැත.

පසුගිය වකවානුව තුළ පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු මර්දනකාරී අණ පනත් අතර 'ඔන්ලයින්  ආරක්ෂණ පනත' වඩාත් මහජන පීඩාකාරී පනතක් වූ බව අපගේ විශ්වාසයයි.

එය පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද සංශෝධන කිහිපයක් පවා ඇතුළත් කිරීමෙන් තොරවය.භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සෘජුවම අභියෝගයක් වන මෙම පනත රජයට එරෙහිව එල්ලවන විරෝධය මැඩ පැවැත්වීමට ගනු ලැබූ පටු පියවරක් බව අප සාක්ෂි සහිතව පෙන්වා දී ඇත.  කාවින්ද ජයවර්ධන මන්ත්‍රීරයාගේ මෙම ප්‍රකාශය රජයේ මර්දනකාරී පිළිවෙත අනුමත කිරීමකි.

මෙවැනි වාතාවරණයක් තුළ අපට පැනනැඟෙන ගැටලුව වන්නේ කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශයට පත්කළේ ඔන්ලයින් පනත සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මේ වන විට දරන නව ස්ථාවරයද  යන්නය.

එය එසේ නොවන්නේනම්, පක්ෂ නායකයා ලෙස ඔහුගේ ප්‍රකාශය නිවැරදි කර , නැවත මෙම පනත සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ  මතය ජනතාවට පැවසීම , වගකිවයුතු නායකයකු ලෙස ඔබ විසින් කළයුතු බව අපගේ අදහසය.

මේ සම්බන්ධයෙන් ඔබ ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව අපි විමසිලිමත්ව බලා සිටිමු.

හනා ඊබ්‍රහීම්                                                                                     දුමින්ද සම්පත් 

කැඳවුම්කාරිනී                                                                                   සභාපති

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය                                                                  ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීගේ සංගමය

Free Media Movement  (FMM)

Sri Lanka Working Journalists Association

Young Journalists Association of Sri Lanka

Media Law Forum

Law and Society Trust

National Cooperative Development Fund

Hashtag Generation

Association of Health Professionals Sri Lanka

Postal and Telecommunication Service Union

All Ceylon Management Service Officers’ Union

South Asia Free Media Association

Ceylon Teachers’ Union 

Ceylon Trade Union Federation

United Postal Trade Union Front

Savisthri National Women’s Moment

Uva Wellassa Women’s Organization

Movement for the Defence of Democratic Rights (MDDR)

Free Media Movement Tarde Union (FMMTU) 

Moment for Land and Agriculture Reform (MONLAR)

National Fisheries Solidarity Movement (NAFSO)

Shramabhimani Center  

Dabidu Collective

Women’s Action for Social Justice (WASJ)

United Federation of Labour (UFL)

Muslim Media Forum

Jaffna Press Club

Tamil Women Journalists Association

Tamil Media Alliance

Transparency International Sri Lanka

Free Trade Zone Union

South Asian Women in Media Network- Sri Lanka

Ceylon Bank Employees Union (CBEU)

South Asian Free Media Association

People’s Commission of Women in Sri Lanka

The Voice of Truth

Stand Up Movement in Sri Lanka

Trade Union to Upliftment of Sri Lanka Railway

Freedom Trade Union Center (FTUC)

Prabha Abhilasha Network

People’s Alliance for Right to Land (PARL)

Voice of the plantation people organization (VoPP)

Sri Lanka All Telecommunication Employees’ Union

Unite – Trade Union and Mass Organization Collective

Media.LK 

RED Organization

Nature Foundation

Media Pro-Tech PEN

Sri Lanka National Movement for Social Justice

Standup Workers Union

Asian Media and Cultural Association

Women Center

Sri Lanka Protect Union

Human Rights Documentation Center (INFORM)

North South solidarity

Rathu Tharuwa     

Telecom Engineers Union

Community Education Center (CEC)

Internet Media Action (IMA)