“වැරදි කරන කිසිවෙකු කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ” යන ඔබේ ප්‍රකාශයට සම්බන්ධයෙන්නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.
එම ලිපිය පහතින් දැක්වේ.
විද්‍යුත් තැපැල් මගින් සහ අතින් භාරදීම.
2024 දෙසැම්බර් මස 18 වන දින.
අතිගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක මැතිතුමා
ජනාධිපති මන්දිරය,
කොළඹ.
අති ගරු ජනාධිපති තුමනි,
“වැරදි කරන කිසිවෙකු කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ” යන ඔබේ ප්‍රකාශයට අදාලව ය
ඔබ විසින් 2024 දෙසැම්බර් මස 13 වන දින රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සාකච්ඡාවේදී ඕනෑම වරදකදී සියල්ලන්ට තරාතිරම් නොබලා නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට දෙනු ලැබූ පොරොන්දුව, අපි බෙහෙවින් අගය කරන්නෙමු.
“ඉතිහාසයේ පළමු වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා දුන් ඓතිහාසික ජනවරමේ අර්ථය සහ හරය කුමක්ද කියන එක සම්බන්‍ධව අපට පුළුල් කියවීමක් තියෙනවා. ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු අතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බිහි කළා. ඒ සුවිශේෂී විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් වන්නට අපේ ආණ්ඩුව කිසි විටෙකත් ඉඩක් තබන්නේ නැහැ. ඉතාම කෙටියෙන් කිවහොත්, රට තුල වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ” යැයි ඔබ කළ ප්‍රකාශය විශ්වාස කරමින් අප සංගමය, මහනුවර කම්කරු කොමසාරිස්ගේ බල ප්‍රදේශයෙහි, හුන්නස්ගිරියේ ීඵඔ ඇපරල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ කළමනාකාරීත්වය රටේ නීති උල්ලංඝණය කරමින් සිදු කරන කාර්මික අපරාධ පිළිබඳව ඔබගේ ක්‍ෂණික අවධානය යොමු කිරීමට තීරණය කළෙමු.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) ඈ අනු ව්‍යවස්ථාව අනුව මෙරට ඕනෑම පුරවැසියෙකුට ඕනෑම වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීමට ඇති අයිතිය සහ වෘත්තීය සමිති සංවිධානය කිරීමට ඇති අයිතිය මූලික මානව අයිතියකි. හුන්නස්ගිරියේ ීඵඔ ඇපරල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ කළමනාකාරිත්වය විසින් අපගේ වෘත්තීය සමිතියේ සාමාජිකත්වය ලබා ගත් සේවකයින්ට එකී ව්‍යවස්ථාපිත මූලික අයිතිය අහිමි කිරීමේ ම්ලේච්ඡ පියවර ගනිමින් ඉන්නා බැව් මෙයින් දන්වා සිටිමු. පසුගිය 2024 සැප්තැම්බර් මස 20 දින සිට මේ වන තෙක් කරනු ලබන අතිශය අසාධාරණ කම්කරු භාවිතාවන් පිළිබඳව අප සංගමය කම්කරු කොමසාරිස් ජනරාල් ඇතුළු අදාල බලධාරීන්ට මේ වන විට ලිඛිතව පැමිණිළි කර ඇත.
ඉන් කිහිපයක් ඔබගේ අවධානයට ගෙනෙන්නේ නම්,
මෙළෙස රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරිය ඉටු කිරීමට බාධා කරමින් රාජ්‍ය දේපලවලට ද හානි කරමින් කටයුතු කළ එම පුද්ගලයින් හඳුනාගත් අප සංගමය ඔවුන්ගේ ද විස්තර සහිතව කම්කරු කොමසාරිස් ජනරාල් වෙත 2024 දෙසැම්බර් මස 10 දින දරණ ලිපිය මගින් පැමිණිළි කරන ලද අතර එහි ඡායාගත පිටපතක් ඔබගේ දැනගැනීම සඳහා මේ සමග අමුණා ඇත.
ඉන් පසුව ද ඡන්දය භාවිතා කිරීමට පැමිණි සේවකයින්ගෙන් කළමනාකාරිත්වය විවිධාකාරයෙන් පලිගත් අතර ඒ සම්බන්‍ධයෙන් ද අප සංගමය කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලිඛිතව පැමිණිළි කර ඇත.
සමාගමේ මෙම කටයුතු සියල්ලම 1999 අංක 56 දරණ කාර්මික ආරාවුල් (සංශෝධන) පනතේ විධිවිධානයන් උල්ලංඝණය කිරීම් වන අතර එම පනතට අනුව අසාධාරණ කම්කරු භාවිතාවන් ලෙස සැළකේ. එකී ක්‍රියාවන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැකි වරද වේ.
ඔබ ඉහතින් ප්‍රකාශයට පත් කරන ලද ඔබගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන “රට තුළ වැරදි කරන කිසිවකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ” යන්න අදාල බලධාරීන් නොසළකා හැරීමෙන් මෙම සමාගමේ කළමනාකාරීත්වය මාස 04 ක කාලයක් පුරා නීතිය ඔවුන්ගේ අතට ගෙන කටයුතු කිරීම ගැන ඔබ ද පුදුම වනවාට සැක නැත. එබැවින් මේ සම්බන්‍ධයෙන් ඔබ ගන්නා පියවර පිළිබඳව අප සංගමය දැනුවත් කරන්නේ නම් අගය කරන්නෙමු.
ස්තුතියි.
මෙයට විශ්වාසී,
ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය
