ජාත්‍යන්තර කාන්තා දිනයට ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත් කරයි

women-day

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව "ජාතික කාන්තා සතිය" ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිව හිමිව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1977 වර්ෂයේදී, මාර්තු 08 දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. එතැන් සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරනු ලැබේ.

මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම "සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා: අයිතිවාසිකම්, සමානත්වය, සවිමත් කිරීම" යන්න තේමාව කරගෙන ඇත. එම දිනයට සමගාමීව "තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක්" යන්න ප්‍රධාන තේමාව කර ගනිමින් 2025 මාර්තු 02 සිට 08 දක්වා "ජාතික කාන්තා සතිය" වශයෙන් ප්‍රකාශයට පත් කර ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම ද ඇතුළත්ව ජාතික, පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image