වයඹ පළාත් සෞඛ්‍ය සේවකයින්ගේ ගැටළු විසදීමට ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය මැදිහත් වෙයි

janaraja-health-service-union

වයඹ පළාත තුල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට උපස්ථායකයින් බදවා ගැනීමට පුහුණුව 2019 වසරේ පවත්වා පුහුණුව අවසානයේදි වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් පුහුණුව අවසන් කළ සේවක මහත්ම මහත්මීන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබද ප්‍රශ්ණයක් මුල් කරගෙන ඒ අයගෙන් කොටසකට උපස්ථායක පත්වීම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා සේවකයන් අතර, ඇති වූ නොසන්සුන්තාවය නිසා ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ඩබ්ලිව්. ඒ. ඩී. විමලරත්න මහතා සහ උපදේශක පී. ජී. චන්ද්‍රසේන මහතාගේ ඍජු මැදිහත්වීම මත ඔවුන් බදවා ගත් බදවා ගැනීමේ ක්‍රියාපටිපාටිය මත ඔවුන්ට පත්වීම් ලබාදෙන ලෙස  නීතිමය තත්වය පැහැදිලි කිරිමෙන් අනතුරුව සහ පිළිගත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඔවුන්ට පත්විම් ලබාදීමට එකඟ විය.  

තවද වයඹ පළාත තුල සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායක සහායිකාවන් නිසි පරිදි නිවාඩු අනුමත කරවා නොගැනීම මත විදේශගතවීම නිසා සේවය අත්හිටවූ කොබෙයිගනේ ප්‍රාදේශීය රෝහලේ සේවය කර සෞඛ්‍ය කාර්ය සහායක අශෝකා රංජනී මහත්මිය සහ වාරියපොළ රෝහලේ සේවය කළ ක්‍රිෂ්ණා නිරෝෂනී ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ මැදිහත්වීමෙන් ඔවුන් නැවත දැනුවත් කරන ලද ඉල්ලීම් පිළිගෙන ඔවුන් නැවත සේවයේ පිහිටුවිමට කටයුතු කරන ලදි.   එපමණක් නොව නොකුත් විෂමාචාර ක්‍රියාවන් පිළිබද සේවය අත්හිටවූ කුලියාපිටිය රෝහලේ සේවය කල සෞඛ්‍ය කාර්ය සහායක විශ්‍රාමික සරත් චන්ද්‍රතිලක සහ මාවතගම ප්‍රදේශය රෝහලේ සේවය කළ සෞඛ්‍ය කාර්ය සහායක වයි. එච්. ඒ. ධර්මරත්න යන අයට ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවයේ මැදිහත වීමෙන් නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කරන ලදි. 

මුන්දලම රෝහලේ සේවය කළ ඩබ්. එස්. සුධර්මා මහත්මියට අවිධිමත් ස්ථාන මාරු වීම් ලබාදීම සම්බන්ධයෙන් හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජලභීතිකා එන්නත් භාරකරු වශයෙන් සේවය කළ එන්.කේ.කේ.එච්.බාලසූරිය මහතා හා කටුපොත රෝහලේ සේවය කළ සෞඛ්‍ය කාර්ය සහායක ආර්. පී. ඩී. එන්. විජේසිරි හා සුමනාවතී මහත්මියට එහි වෛද්‍යවරයා විසින් අවිධීමත් ලෙස ලබාදුන් ස්ථාන මාරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජ සේඛ්‍ය සේවා සංගමයේ ඍජු මැදිහත්විම මත ඔවුන් කැමති ඔවුන්ට පහසු ඔවුන් පදිංචි ස්ථානයට කිට්ටු රෝහල්වලට ස්ථානමාරු විම් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ශ්‍රී ලංක ජනරජ සෞඛ්‍ය සේවා සංගමය කළ ඉල්ලිම පිළිගත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවක තුමා විසින් කටයුතු කරන ලදි. 

මෙයට අමතරව නිකවැරටිය රෝහලේ අමතර සේවා වලට අතිකාල ගෙවීම් නොගෙවීම මත මාරවිල රෝහලේ සේවකයින් විසින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ඒ අයට වැටුප් වැටුප් රහිත නිවාඩු ලබාදීම පිළිබදව එම රෝහලේ වෛද්‍ය අධිකාරිතුමිය විසින් ගන්නා තීරණය අනුව එයට එරෙහිව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ මැදිහත්වීමෙන් හා සෞඛ්‍ය සේවා ලේකම්තුමා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණයට අනුව වැටුප් සහිත නිවාඩ ලබාදෙන ලෙස කාර්ය මණ්ඩලය විසින් සිදුකරන ලද නොයෙකුත් විෂමාචාර ක්‍රියාව්න් සම්බන්ධයෙන් සේවය අත්හිටවුූ  ශ්‍රී ලංකා ජනරජ සේඛ්‍ය සේවා සංගමයේ මැදිහත්විමෙන් ඔවුන්ට සාධාරණ විසදුම් ලබාදීමට කටයුතු කර ඇත. 

ආර්.එම්.ලීලසේන

වයඹ පළාත් සංවිධායක (විශ්‍රාමික)