සෞඛ්‍ය සේවා පරිපාලන නිලධාරීන්ගේ හා රෝහල් ලේකම්වරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව උත්කර්ෂවත් අන්දමින් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේදී පසුගිය (2025.05.10) දින පැවැත්වෙන ලදි.
එහිදි සෞඛ්‍ය සේවා පරිපාලන නිලධාරීන්ගේ හා රෝහල් ලේකම්වරුන්ගේ සංගමය විසින් ඉදිරි වර්ෂය සඳහා තම ඉල්ලීම් මාලාවක් මහා සභාවට ඉදිරිපත් කර සම්මත කරගන්නා ලදි.
එය පහත පරිදි වේ.
රෝහලක, රෝහල් ලේකම් / පරිපාලන නිලධාරි යනු පැය අටක කාර්යාල රාජකාරි වලට පමණක් සීමා නොවූ විශාල පරාසයක වගකීම් දරන නිලධාරියෙකි. පැය 24 පුරාම රාත්‍රියේ නිවසේ සිටියදී පවා කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සේවයේ යෙදවීම, ප්‍රවාහන, ජල , විදුලි, ආහාර, රෙදි සේදුම්, ආරක්ෂාව හා පවිත්‍රතා සම්බන්ධයෙන් අඛණ්ඩ සේවා සැපයීම වෙනුවෙන් නිරන්තර අධීක්ෂණයක් පවත්වාගත යුතුය. එසේම කණිෂ්ඨ කාර්ය මණ්ඩලය , හා අනෙකුත් ගිවිසුම් ගත සේවා වල කාර්ය මණ්ඩලය සේවයට වාර්ථා කරන හා පිටවන වේලාවන් වන පෙ.ව.6.00 හා ප.ව. 6.30 දක්වාම දවස පුරා අධීක්ෂණ කටයුතු සිදුකළ යුතු සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කරන නිලධාරීන් පිරිසකි.
මීට අමතරව කාර්යාලයීය කටයුතු හා ආයතන කටයුතු හා සේවක විනය පාලනය සම්බන්ධව විශාල වැඩකොටසක් ඉටු කළ යුතුය. එසේම සෑම දිනකම අතිකාල හා නිවාඩු දින වල සේවයේ යෙදෙන කාර්යාලයීය හා අනෙකුත් කාර්ය මණ්ඩල වල පැමිණිම, පිටවීම හා රාජකාරියේ නිරත වීම අධීක්ෂණය කළයුතුය. සාමාන්‍ය කාර්යාල වේලාව තුළ රෝහල් පරිශ්‍රයතුළ නිරීක්ෂණ රාජකාරිවල යෙදීමට සිදුවීම නිසා කාර්යාල වේලාවෙන් පරිභාහිරව ලිපිගොනු රාජකාරි කිරීමටද සිදුවේ. මෙම කාරණා හේතුවෙන් රෝහල් ලේකම් / පරිපාලන නිලධාරි දවස පුරාම රෝහලේ රැඳී සිටිය යුතුය. පැය 60 ට පමණක් දීමනා ලබා ගත්තද, සාමාන්‍යයෙන් මසකට අතිකාල පැය 150 ක පමණ කාලයක් සේවය කරන අතර , තවද ගුණාත්මක රෝගී සත්කාර සේවාවක් පවත්වා ගැනීම උදෙසා සතියකට දින දෙකක්වත් රාත්‍රි වාට්ටු සංචාරයක් කරනු ලබයි. ඒහේතුවෙන් මසකට තවත් පැය 60 ක පමණ රාජකාරි ඉටු කිරීමට සිදුවේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ පසුගිය දිනවල ඇතිවූ අර්බුධකාරි වාතාවරණයෙන් පසුව, අධීක්ෂණ කටයුතු තරකිරීම හේතුවෙන් කොළඹ , මහනුවර හා කරාපිටිය ආදී ජාතික රෝහල්වල මෙම පැය 60 ක ප්‍රමාණයද ඉක්මවා දෛනිකව රාත්‍රි රාජකාරි කිරීමට සිදුව ඇත. ගුණාත්මක රෝගී සත්කාර සේවාවක් පවත්වා ගැනීම උදෙසා රෝහල් අධ්‍යක්ෂවරුන් රෝහල් ලේකම් / පරිපාලන නිලධාරි රාජකාරි දායකත්වය නිරතුරුවම අපේක්ෂා කිරීම නිසා සති අන්ත දින හා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හිද කාර්යාල වේලාවෙන් පරිභාහිරව සේවය සැපයීමට මෙම නිලධාරීන්ට සිදුව ඇත.
විවිධ විෂමාචාරයන්ට හුරු වූ ඇතැම් කණිෂ්ට සේවකයින් සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු සහ විනය කටයුතු සිදු කිරීම නිසා විවිධ තර්ජනයන්ට නිරන්තරයෙන් ලක්වෙති. පසු ගිය කාලයේ රෝහල් ලේකම්වරු කීප දෙනෙකුම තියුණු ආයුධ වලින් පහරදීම්, මරණ තර්ජනයන්ට ලක්වන ලදි.
රෝගී සත්කාර සේවා ගුණාත්මකව පවත්වාගෙන යාමට සෘජුවම දායක වන රෝහල් ලේකම් / පරිපාලන නිලධාරීන්ගේ පහත දැක්වෙන ගැටළු කෙරෙහි අවධානය යොමු කොට කඩිනමින් විසදා දීමට සාධාරන මැදිහත් වීමක් කරන මෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් රෝහල් ලේකම්වරු ඉල්ලා සිටිති.
ඔවුන්ගේ ඉල්ලීම් පහත දැක්වෙයි.
01. සාධාරණ සහ සමාන දීමනා ලබා ගැනීම
02. පුහුණු අවස්ථා ලබා ගැනීම
03. රාත්‍රී සේවා මුර සදහා පහසුකම් ලබා ගැනීම
04. ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම
05. නිල නිවාස පහසුකම් ලබා ගැනීම
06. රාජකාරි ලයිස්තුව සහ වාර්ෂික මූල්‍ය බල තල පැවරීම විධිමත් කර ගැනීම
07. සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම
වාර්ෂික මහා සභාවේදී නව ලේකම්වරයා ලෙස තේරීපත්වූ ඉන්දික වික්‍රමසිංහ මහතා සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේ රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන කේවල් කිරීමේ බලය අඩු නිසා හෝ එසේ කිරීම සදාචාරාත්මක නොවන බව සිතා කටයුතු කිරීම නිසා හෝ රෝහල් ලේකම්/පරිපාලන නිලධාරීන් අවම දීමනා සහ වරප්‍රසාද භුක්ති විඳීමට සිදු වී ඇති බවද, මෙම ජනතාවාදී, මානව හිතවාදී රජය යටතේ ඉහත ගැටළු විසඳා ගැනීමට හැකිවනු ඇතැයි තරයේ විශ්වාස කරන බවයි.
සෞඛ්‍ය සේවා පරිපාලන නිලධාරීන්ගේ හා රෝහල් ලේකම්වරුන්ගේ සංගමයේ නව නිලධාරි මණ්ඩලය ලෙස එස්. එම්. ටී. ඒ. ආර්. බණ්ඩාර මහතා (සභාපති), ඉන්දික වික්‍රමසිංහ මහතා(ප්‍රධාන ලේකම් ), බී. එල්. සී. ජනක කුමාර මහතා (උප සභාපති ) , එම්. එන්. ඩී. එස්. සම්මානි මිය (උප ලේකම් ) එම්. එස්. ආර්. රිස්නා මිය (භාණ්ඩාගාරික) , දීපිකා අභයවික්‍රම මිය (ප්‍රධාන සංවිධායක) යන අය වාර්ෂික මහා සභාවේදී නිලධාරි මණ්ඩලය ලෙස තෝරාපත් කරගන්නා ලදි.




