නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නව නිලධාරීහු පත්වෙති

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නව නිලධාරීහු පත්වෙති

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වාර්ෂික මහා සභා රැස්වීම 2025 මැයි 27 වන දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැති අතර එහිදී 2025/2026 වසරේ නව කැඳවුම්කරු ලෙස මාධ්‍යවේදී ලසන්ත ද සිල්වාද, ලේකම්වරිය ලෙස මාධ්‍යවේදිනි දිලීෂා අබේසුන්දරද, භාණ්ඩාගාරික ලෙස මාධ්‍ය පුහුණුකරු ආනන්ද ජයසේකර සහ උපලේකම් ලෙස මාධ්‍යවේදී ආර්. රාම්කුමාර්ද තේරී පත්වූහ.

ඉදිරි වසර සඳහා තෝරා පත් කර ගනු ලැබූ විධායක කමිටුවට සී. දොඩාවත්ත, හනා ඊබ්‍රහීම්, සුනිල් ජයසේකර, ටී.එම්.ජී. චන්ද්‍රසේකර, උදය කළුපතිරණ, සුජීව සෙනරත්, නිරන්ජනී රෝලන්ඩ් යන ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළත්ය.  

නව භාරකරුවන් ලෙස  මාධ්‍යවේදී සරෝජ් පතිරණ  සහ සමාජ ක්‍රියාකාරිනී ශාමිනි බොයිල් යන සාමාජික සාමාජිකාවන් තේරී පත්වූහ.

'නිදහස - වගකීම පෙරදැරිව' යන දැක්මෙන් යුතුව, වඩාත් යහපත් ලෝකයක්, සමාජයක් හා  මානව ජීවිතයක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මකවන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පසුගිය 33 වසරක් තිස්සේ, භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටින පුළුල් සමාජ ව්‍යාපාරයකි.