පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද (21) දින පෙරවරු 8.00 සිට බස්නාහිර පළාතේ රෝහල් තුළ වර්ජනයක් ආරම්භ කර ඇත. ඒ බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය විසින් විනිවිදභාවයකින් තොරව අත්තනෝමතික ලෙසින් නිලධාරීන් රෝහල් වලින් ස්ථානමාරු කිරීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් නිකුත් කල නිවේදනයේ දැක්වේ.
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරියගේ ක්‍රියා කලාපයේ සම්බන්ධයෙන් වගකිවයුතු සියලු පාර්ශවයන් මේ වන විට දැනුවත් කර ඇති අතර මෙම නිලධාරීනිය ඇතුලු නිලධාරීන් සෞඛ්‍ය වෘත්තිකයන් නොසන්සුන් කොට වර්ජන වලට පොලඹවා රෝගීන්, රජය සහ වෘත්තිකයන් අපහසුතාවයට පත්කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.
මෙම වර්ජනය අඛණ්ඩ ක්‍රියාමාර්ගයක් ලෙස ආරම්භ කරන අතර ජීවිතාරක්ෂක සේවා ආවරණය අදාලා රෝහල් අධ්‍යක්ෂකවරුන් ලබා දෙන සහයෝගය මත සිදුකිරීමට සාමාජිකයන් වෙත උපදෙස් ලබා දී ඇති අතර, ගැටලුවට විසදුමක් ලැබෙන ඕනෑම අවස්ථාවක වර්ජනය අවසන් කිරීමට සූදානම් වන බවත්, විසදුම් නොලැබේ නම් තවදුරටත් ක්‍රියාමාර්ග දැඩි කිරීමට බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.