රජයේ ඖෂධ සංයෝජක නිලධාරින් වර්ජනයකට යාමේ සුදානමක්

society-of-government-dispensers

රජයේ ඖෂධවේදීන්ගේ බලපෑම් මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රටේ ප්‍රධාන රෝහල්වල අනුමත සේවක සංඛ්‍යාව තුළින් ඖෂධ  සංයෝජක  නිලධාරීන් ඉවත් කිරීමේ උත්සහයක නිරත වෙමින් පවතින බව රජයේ ඖෂධ සංයෝජක නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ප්‍රධාන රෝහල් තුළ ඖෂධවේදීන්ගේ ඒකාධිකාරියක් ගොඩනැගීමට  සෞඛ්‍ය අමාත්‍යාංශය අන්‍යාකාරයෙන් සහයෝගය ලබා දීමකි.

ඒ හරහා රෝගී ජනතාවට අඛණ්ඩ සේවා සැපයීමේ අවිනිශ්චිත භාවයක් ගොඩනැගෙමින් පවති.

මේ සම්බන්ධයෙන් අප සංගමයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අවස්ථා ගණනාවකදී සාකච්ඡා මාර්ගයෙන්  ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කළද ඒ සඳහා වු ප්‍රවේශය ලබා නොදීම පිළිබඳ කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

සාකච්ඡා මගින් විසදුමක් ලබා දීම සදහා වන ප්‍රවේශයක් නොගැනිම මත සේවාවක් ලෙස සිදුවන අසාධාරණය ඉවත් කරගැනිම වෙනුවෙන්,කොළඹ ජාතික රෝහලේ සිට දිවයින පුරා ශීක්ෂණ රෝහල්, මහ රෝහල්,මූලික රෝහල්,ප්‍රාදේශීය රෝහල් සහ ග්‍රාමීයව පිහිටි ඇති ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය දක්වා සේවය කර සියලුම නිලධාරීන් 1700ක සහභාගිත්වයෙන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.