ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ බඳවා ගැනීම් ප්‍රතිපත්තිය හා රාජ්‍ය ආයතනවල සේවය කිරීමේ උපරිම වයස් සීමාව උල්ලංඝනය කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තොරතුරු තාක්‍ෂණ අංශයේ ප්‍රධානියා වයස අවුරුදු 60 ඉක්මවීමෙන් අනතුරුව ද අඛණ්ඩව සේවයේ යොදවා ගැනීමට එරෙහිව සංගමය විසින් අත්හිටුවා පැවති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2025 ඔක්තෝබර් මස 27 වන දින නිල වශයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කළමනාකාරිත්වය වෙත දැනුම් දෙමින් 2025-11-03 දින කොළඹ නගරය ආවරණ්‍ය කරමින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කරන ලදී.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්හී තවත් ඉදිරි පියවරක් ලෙස 2025-11-04 දින ප ව 12.30 ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් බාරදීමට කටයුතු සූදානම් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

