වෛද්‍යවරුන් රට තුල රැඳි සිටීම දිරිමත් කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් මෙවර අයවැයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවයත්, මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් එම අවශ්‍යතාවය හඳුනා ගනිමින් ජනාධිපතිතුමා සහ රජය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ,
ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව, ස්ථාවරව සහ ශක්තිමත්ව පවත්වා ගැනීම, මෙරට අනාගතය වෙනුවෙන් සිදු කරන සහ සිදු කළ යුතු වටිනාම ආයෝජනයයි. නිදහස් සෞඛ්‍ය සේවාව යනු ඕනෑම රජයකට කිසිසේත්ම අත්හළ නොහැකි වගකීමකි.
මෙරට සෞඛ්‍ය පද්ධතිය මේ වන විට මුහුණ දී ඇති ප්‍රබලතම අර්බුදය වනුයේ, විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් ඇතුළු මානව සම්පත පද්ධතියට අහිමි වී යාමයි.
රට තුළ නැවත ආර්ථික සහ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වෙමින් පවතින මොහොතක ඉදිරිපත් වන මෙවර අයවැය ලේඛනය තුළදී, සෞඛ්‍ය පද්ධතියේ පවතින ගැටලු හඳුනා ගනිමින් ප්‍රමුඛතාවයන් සහිතව විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය බව අපගේ හැඟීමයි.
සබැඳි පුවත්
විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රාජ්‍ය සෞඛ්‍ය සේවාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් ඉවත් වී විදෙස් ගත වීමට ප්‍රධානතම හේතු බවට පත්වී ඇත්තේ ආර්ථික අස්ථාවරත්වය සහ යහපත් වෘත්තිය පරිසරයක් නොමැති වීමයි.
එළඹෙන සිකුරාදා දිනයේදී ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය තුල එම ගැටළු විසඳීම සඳහා කෙටිකාලීන සහ දීර්ඝ කාලීනව වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත්වීම, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවැටීම වැළැක්වීම වෙනුවෙන් අනිවාර්ය කරුණකි.
විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ, ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරමින්, තෘප්තිමත් වෘත්තීය පරිසරයක් බිහි කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන අයවැය යෝජනා මේ වන විටත් ඉදිරිපත් කර ඇත.
වෛද්‍යවරුන්ගේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන් යෝජනා
ල රාජ්‍ය සේවයේ සියලු විධායක නිළධාරී කාණ්ඩ වෙත ප්‍රවාහන පහසුකම් ලබා දෙන රාජ්‍ය පරිපාලන 22/99 චක්‍රලේඛයට සියලු කාණ්ඩවල වෛද්‍ය නිලධාරීන් අන්තර්ග්‍රහණය කිරීම.
වෛද්‍යවරුන්ට තෘප්තිමත් වෘත්තිය පරිසරයක් බිහි කිරීම සඳහා යෝජනා
ක රෝහල් පද්ධතිය තුළ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ක්‍රමවේදයක් සහ ප්‍රතිපත්තියක් හඳුන්වා දීම.
ී සියලු කාණ්ඩවල වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සහ පශ්චාත් උපාධි අධ්‍යාපන අවස්ථ පුළුල් කිරීම.
මෙම සියලු යෝජනාද සහිතව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අයවැය යෝජනා සියල්ල ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති, ඒ පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලුම් කර ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ රෝහල් පද්ධතිය තුළ පැවති ගැටලු විසඳීමට අසමත් වීම හමුවේ, මෙරට රෝහල් පද්ධතිය නුදුරු දිනකදීම බිඳවැටීමේ අවධානමකට ලක් වී ඇති අතර, ඒ වෙනුවෙන් කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක නොවන්නේ නම්, මෙරට සෞඛ්‍ය පද්ධතිය ඛේදවාචකයක් දක්වා ගමන් කිරීම වැළැක්වීමට නොහැකි වනු ඇත.
එවන් වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කිරීමෙහිලා, ඉදිරි අයවැය ලේඛනය අතිශයින් තීරණාත්මක වන අතර, ඒ අවශ්‍යතාවය හඳුනා ගනිමින් ජනාධිපතිතුමා සහ රජය කටයුතු කරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.
