ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට අලුතෙන් බඳවා ගැණුනු සහකාර අධ්‍යක්ෂවරුන් (ඉංජිනේරු) 14 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ලබාදීම බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේදී සිදු කෙරිණි.
2030 වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීම වර්ෂ 2050 වන වට කාබන් විමෝචනය බිංදුව කිරීමත් ඇතුළු බලශක්ති අරමුණු ඉෂ්ට කර ගැනීමේදී ප්‍රධානතම කාර්ය භාරයක් හිමි ආයතනයක් ලෙස ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මුහුණ දුන් විශාල ගැටළුවක් වූ සුදුසුකම් සහිත ඉංජිනේරු හිඟය මේ පත්වීම් නිසා මග හැරෙනු ඇත.

