කොළඹ, වෘත්තිවේදීන්ගේ විද්වත් සංගම් ශ්‍රවණාගාරයේදී අද තියෙන සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමකට අත්සන් කළේය.
රෝගීන්ගේ අයිතිවාසිකම්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගතය බරපතළ අභියෝගයකට ලක්ව ඇති වර්තමාන පසුබිම තුළ, සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් “සෞඛ්‍ය සේවා වෘත්තීය සමඟති සන්ධානය” නව සමූහ ව්‍යුහයක් ලෙස අද කොළඹ වෘත්තීයවේදීන්ගේ සංගම් කාර්යාලයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
මෙම සන්ධානයේ මූලික අරමුණ වන්නේ — වෛද්‍ය, හෙද, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය, ද්විතියික සේවා, රියදුරු, සාත්තු සේවක සහ සෞඛ්‍ය කාර්ය සහයක ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එකම පොදු අරමුණක් යටතේ එක්කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම සහ සේවක–රෝගී අයිතිවාසිකම් එකවර සුරක්ෂිත කිරීම වේ.
වර්තමාන තත්ත්වය පිළිබඳ අපගේ අවධානය
මෙම සියලු ගැටලු වල අවසාන බලපෑම එල්ල වන්නේ රෝගියාට බව අපි පැහැදිලිව සඳහන් කරමු. දිගු පෝලිම්, ශල්‍යකර්ම ප්‍රමාද, බෙහෙත් පිටතින් මිලදී ගැනීමට සිදුවීම වැනි තත්ත්වයන් “නිදහස්” සෞඛ්‍ය සේවාවේ මූලික මූලධර්මයට පටහැනි වේ.
රෝගී අයිතිවාසිකම් පිළිබඳ අපගේ ස්ථාවරය
අනතුරු දීමනාව පිළිබඳ ඉල්ලීම
සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මූලික වැටුපෙන් 15% අනතුරු (Hazard/Risk) දීමනාවක් ලබා දිය යුතුය යන්න අපගේ ඒකාබද්ධ ස්ථාවරය වේ.
රජයට ඉදිරිපත් කරන ප්‍රධාන ඉල්ලීම්
සෞඛ්‍ය සේවා වෘත්තීය සමඟති සන්ධානය ලෙස අපි රජයෙන් වහාම ඉල්ලා සිටින්නේ:
ඉදිරි ක්‍රියාමාර්ග
රජය විසින් සාධනීය සාකච්ඡාවක් සඳහා ඉක්මන් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, සෞඛ්‍ය සේවා වෘත්තීය සමඟති සන්ධානය ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා නායකත්වය දීමට සූදානම් බව ද අපි මෙයින් දැනුම් දෙමු.
මෙය හුදෙක් වෘත්තීය ඉල්ලීම් සටනක් නොව —
නිදහස් සෞඛ්‍ය සේවාව, රෝගියාගේ අයිතිය සහ සෞඛ්‍ය සේවකයාගේ ගෞරවය රැක ගැනීමේ ජාතික වගකීමක් බව අපි අවධාරණය කරමු.



