නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ කාන්තා අංශය විසින් මෙවර කාන්තා දින සැමරුම 2026 මාර්තු මස 08 වන දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ජා-ඇළ හා(ර්)විස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සූදානම් කර ඇත.
මෙම සැමරුමට නිදහස් වෙළද කළාපයන්හි සේවය කරන කම්කරු ස්ත්‍රීන් සහභාගි වන අතර එය ඔවුන්ගේ අත්දැකීම් සහ ගැටළු හදුනාගන්නා පිළිබඳව අදහස් දැක්වීම් ඇතුළු විවිධ විශේෂාංගවලින් සමන්විත වනු ඇත. මෙහිදි ශ්‍රී ලාංකික දේශයේ ආර්ථිකයට පණ පොවන දිරිය ඇය වෙනුවෙන් තව තවත් දිරිමත් කරවීම අභිලාෂය වන අතර, “හිංසනයෙන් සහ බලහත්කාර ශ්‍රමයෙන් තොර වැඩබිමක්“ තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුමේ තේමාව යටතේ සංවිධානය කරනු ලබයි.


