මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාරක යන්ත්‍රය බිදවැටීම හේතුවෙන් මාර්තු 31 වෙනිදා සිට විකිරණ ප්‍රතිකාර සේවා සම්පූර්යෙන් නවතාදමා ඇත. ඒ වන විට දිනකට රෝගීන් 60 ට ආසන්න ප්‍රමාණයක ප්‍රතිකාර දෛනිකව සිදු කරමින් පැවතින. යන්ත්‍රය බිඳ වැටීම හේතුවෙන් එම සියලු රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් අතරමග නවතා දැමීමට සිදුවී ඇති බව වාර්ථා වේ.
මඩකළපුව ශික්ෂණ රෝහලේ මෙම යන්ත්‍රය මගින් මඩකලපුව රෝහලේ පිලිකා රෝගීන්ට අමතරව මාතර, හම්බන්තොට, බදුල්ල, අම්පාර, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, අනුරාධපුර යන රෝහල් මගින් යොමු කරන රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් ලබාදීමද සිදුකෙරිණි. මේ හේතුවෙන් දුර බැහැර සිට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයකට ලක්ව සිටී.
ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාරය දැනට ලංකාව තුල භාවිතාවන පිලිකා ප්‍රතිකාර සේවාවන් වලින් දියුණුතම එකක් වන අතර මෙම යන්ත්‍රයට අමතරව තවත් යන්ත්‍ර 8ක් අපේක්‍ෂා රෝහල, මහනුවර ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ යාපනය ශික්ෂණ රෝහල යන රෝහලෙහි ස්ථාපනය කර පවතී.
මෙම යන්ත්‍රයේ සම්බන්ධයෙන් සේවා සපයන සමාගම සේවා සැපයීමෙන් ඉවත්වීම හේතුවෙන් යන්ත්‍රය යථා තත්වයට පත්කිරීම ඇනහිට ඇත. මේ පිලිබදව සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලු සියළු වගකිව යුතු පාර්ශවයන් දැනුම්වත් කර ඇතත් මේ වනතුරු ප්‍රතිකාර සේවා යථාතත්වයට පත්කර නොමැත.

