ලංකා රතු කුරුස සමාජයේ ආරාධනය පරිදි පසුගියදා මෙරටට පැමිණි සිංගප්පූරු රතු කුරුස සමාජයේ ගෝලීය සබඳතා අංශයේ හා තරුණ කටයුතු ප්රවර්ධන අංශයේ නියෝජිතයින් පිරිසක් කොළඹ රතු කුරුස ශාඛාව සමඟ වැඩ සටහන් රැසකට සහභාගී වූ බව ශ්රී ලංකා රතු කුරුස සමාජයේ අධ්යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පවසයි.
ශ්රී ලංකාවේ පාසල් අධ්යාපන හා පෙරපාසල් අධ්යාපන ක්රමවේදයන් පිළිබඳව හා ශ්රී ලංකා රතු කුරුස සමාජයේ තරුණ අංශයේ ක්රියාකාරකම් පිළිබඳව නිරීක්ෂණය කිරිමට මෙම සිංගප්පූරු නියෝජිත පිරිස හෝමාගම මහා විද්යාලය, ගොඩගම සුභාරතී මහාමාත්ය විද්යාලය, බෝපේ රාජසිංහ විද්යාලය, පිළියන්දල සෝමවීර චන්ද්රසිරි විද්යාලය හා පනාකොට යුද හමුදා ජනපදයේ විරු කැකුළු පෙර පාසල යන ස්ථානවල විශේෂ චාරිකාවකට එක් වූහ.
මෙම චාරිකාවෙන් පසු ශ්රී ලංකා රතු කුරුස සමාජය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ලබන ජුනි මස 13 දින සිට 19 වන දින දක්වා සිංගප්පූරු රතු කුරුස සමාජයේ කණිෂ්ඨ රතු කුරුස සාමාජික දුවා දරුවන් පිරිසක් මෙරට පාසල් දරුවන් සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩ සටහනකට සහභාගීවිමට ශ්රී ලංකාවට පැමිණෙන බව සිංගප්පූරු රතු කුරුස ව්යාපාරයේ තරුණ සංවර්ධන අංශයේ ප්රධානී අන්ග් කුයින් හුයි මහතා (Ang Qian Hui) දැනුම් දුන් බව ශ්රී ලංකා රතු කුරුස සමාජයේ ජ්යෙෂ්ට උප සභාපති ජගත් අබේසිංහ මහතා පවසයි.
මෙම චාරිකාවට සිංගප්පූරු රතු කුරුස සමාජයේ තරුණ සංවර්ධන අංශයේ චායි චෙන්ග් හන් (Chia Cheng Han) මහත්මිය සහ එහි ජාත්යන්තර සබඳතා අංශයේ (Liew Yi Chen); ලෙව් යි චෙන් මහත්මිය ද ශ්රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ ශාඛාවේ අධ්යාපන සම්බන්ධීකාරක චමෝද් සවින්ද ප්රතිභා ඇතුළු එහි නිලධාරීහු ද එක්වූහ.

|උපුල් ජනක ජයසිංහ

