"බලහත්කාර ශ්‍රම භාවිතය” යොදා ගනිමින් සියයට 12.5 කින් තීරු බදු වැඩි කිරීමට එක්සත් ජනපදය ගෙන ඇති තීන්දුවට ප්‍රතිචාර වශයෙන්, “බලහත්කාර ශ්‍රම භාවිතය” ලොවින් තුරන් කිරීමට ගන්නා සියලු පියවර වෙනුවෙන් පූර්ණ සහාය ලබාදීමට සඳහා විකල්ප යෝජනාවක් ගෝලීය බදු අර්බුදය හමුවේ විකල්ප විසඳුම් සඳහා වන සමාජ ව්‍යාපාරය විසින් එක්සත් ජනපද නියෝජ්‍ය වෙළඳ නියෝජිතවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.
එම ලිපියේ සිංහල පරිවර්තන
2026 ජුනි 06 වන දින
තානාපති ජෙෆ්රි ගොට්මන්"
එක්සත් ජනපද නියෝජ්‍ය වෙළඳ නියෝජිත
අප්‍රිකාව, බටහිර අර්ධගෝලය" යුරෝපය"
මැද පෙරදිග"
පරිසරය, කම්කරු හා කාර්මික තරගකාරිත්වය"
එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය"
600 - 17 වන වීදිය" NM"
වොෂිංටන් ඩී.සී 20508'
අතිගරු නියෝජ්‍ය වෙළඳ නියෝජිත තුමනි"
"බලහත්කාර ශ්‍රම භාවිතය” යොදා ගනිමින් සියයට 12.5 කින් තීරු බදු වැඩි කිරීමට එක්සත් ජනපදය ගෙන ඇති තීන්දුවට ප්‍රතිචාර වශයෙන් විකල්ප යෝජනාවකි
වෘත්තීය සමිති හා ජනතා සංවිධාන නායකයින් ලෙස අපි ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් වැදගත් කොටසක් නියෝජනය කරන්නෙමු. මීට සතියකට ඉහතින් ඔබගේ ආණ්ඩුව “බලහත්කාර ශ්‍රම භාවිතය” හේතුකර ගනිමින් ශ්‍රී ලංකාවට සියයට 12'5 ක තීරු බදු වැඩි කිරීමකට ගෙන ඇති තීන්දුව සම්බන්ධව අපගේ තේරුම් ගැනීම හා ප්‍රතිචාරය මෙහි සැකෙවින් දැක්වීමට කැමැත්තෙමු.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය “බලහත්කාර ශ්‍රම භාවිතය” අර්ථ ගන්වන්නේ 20 වන සියවසෙහි රටවල් නඩත්තු කළ වහල් සහ බන්ධනගත ශ්‍රමය ලෙස නොවේ. ඔබ දන්නා පරිදි" වර්තමාන ශ්‍රම භාවිතයෙහි “බලහත්කාර ශ්‍රම භාවිතය” යනු ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙහි අංක 29 වන සම්මුතිය හා එහි 2014 නියමාවලිය මොනයම් ආකාරයකින් හෝ උල්ලංඝණය කිරීමකි. අවාසනාවක් වන්නේ" තම ආයෝජන සම්බන්ධතා හා ආනයන දිරි ගැන්වීම් වෙනුවෙන් අඩු වියදම් නිෂ්පාදන උනන්දු කිරීම් ලෙස බදු සහන සහ වෙනත් වෙළඳ දිරි ගැන්වීම් ලබා දීමෙන් ඇමෙරිකාව සහ යුරෝපීය සංගමය ඇතුළු දියුණු රටවල් සියල්ල වාගේ “බලහත්කාර ශ්‍රම භාවිතය” සඳහා වගකිව යුතු වීම ය.
එනිසා" ධනවත් රටවල් විසින් සහමුලින් මෙන් පාලනය කරන්නාවූ ගෝලීය සැපයුම් ජාලයෙහි “බලහත්කාර ශ්‍රම භාවිතය” වෙනුවෙන් තනි රටවල් වගකීමට යටත් කිරීම" විකාරයක් යැයි අපි විශ්වාස කරන්නෙමු. ආරම්භක කෙළවරදී නිෂ්පාදනය සඳහා අවම වියදමක් ඉල්ලා සිටින සහ අවසාන කෙළවරදී ආනයනය වෙනුවෙන් අවම මිලක් ඉල්ලා සිටින ව්‍යාපාරික/ආයෝජන හවුල්කාරිත්වය ගෝලීය සැපයුම් ජාලයෙහි “බලහත්කාර ශ්‍රම භාවිතය” සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේය. ඒ අනුව “බලහත්කාර ශ්‍රම භාවිතය” සම්බන්ධ ගැටළු ඇති වන්නේ" එක් එක් රටවල් නිෂ්පාදන වියදම අවම කර ගැනීමේ තරගයේදී ශ්‍රම භාවිතය හසුරුවා ගන්නා ආකාරය අනුවය. සරළව කිවහොත් ව්‍යාපාරික ප්‍රජාව ඔවුන්ගේ ලාභය ඉහළ දමා ගැනීම වෙනුවෙන් අඩු වැටුප් ඔවුන්ගේ නිෂ්පාදන වියදමට ඇතුළුකර තබා ගැනීම “බලහත්කාර ශ්‍රම භාවිතයට” හේතු වන්නකි'
ඒ සමග කිව යුත්තේ" කිසිදු රටක තීරු ගාස්තු වැඩි කිරීමෙන් “බලහත්කාර ශ්‍රම භාවිතය” සඳහා විසඳුම් ලැබෙන්නේ නැත. මෙම තීරු ගාස්තු වැඩි කිරීමෙන් බලපොරෙත්තු වන්නේ ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සම්බන්ධයෙන් තිබිය හැකි “බලහත්කාර ශ්‍රම භාවිතය” ඉවත්කර ගැනීම නම්" ඉතා අවංකව අප ඇමෙරිකාවට යෝජනා කරන්නේ" තීරු ගාස්තු වැඩි කිරීම වෙනුවට “බලහත්කාර ශ්‍රම භාවිතය” සම්බන්ධ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුති අංක 29 (1930) "හරයාත්මක සම්මුතියක්” ලෙස සම්මත කර ගන්නා ලෙසය. හරයාත්මක සම්මුතියක් ලෙස සම්මත කෙරුණු විට" එම සම්මුතිය රටක් ලෙස අපරානුමාන නොකළේ යැයි කිසිදු රටකට ගැලවිය නොහැක. සියලු රටවල් “හරයාත්මක සම්මුති” සමග තම රටෙහි ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට අනිවාර්යෙන් බැඳෙන්නේ ය.
යහපත් ශ්‍රම භාවිතය සමග ගෝලීය පුරවැසියාගේ යහපත වෙනුවෙන් “බලහත්කාර ශ්‍රම භාවිතය” ලොවින් තුරන් කිරීමට ගන්නා සියලු පියවර වෙනුවෙන් අපි අපගේ පූර්ණ සහාය ලබාදීමට මෙයින් පොරොන්දු වන්නෙමු.
ස්තුතියි.
මෙයට විශ්වාසි"
ශ්‍රී ලංකා නාවිකයන්ගේ ජාතික සංගමය
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය
ලංකා වෘත්තීය සමිති සම්මේලනය
ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමය
සමගි සේවක සංගමය
පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය
ප්‍රී ටේ්‍රඩ් යුනියන් සෙන්ටර්
නිමි භාණ්ඩ, ඇඟළුම් හා රෙදිපිළි සේවක සංගමය
ලක්බිමේ මව්වරු සහ දියණියෝ
ස්ත්‍රී මධ්‍යස්ථානය
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය
තැපැල් විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
ලංකා බැංකු සේවක සංගමය
එක්සත් පොදු සේවක සංගමය
ලංකා ගුරු සංගමය
ගිටාර් සංගමය





