ළමා අපයෝජනවලට එරෙහිව සමාජ බලයක් ගොඩනගම්මු යන තේමා යතතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන නැගෙනහිර එක්සත් කාන්තා සංවිධානය, මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය යන සංවිධාන ඒකාබද්ධ වී විරෝධතා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරමින් පවති.
ළමුන්ගේ අයිතීන් සදහා ඇති ආයතන ශක්තිමත් කරනු, නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා නොකරනු, ළමා අපයෝජනවලට එරෙහිව සමාජ බලයක් ගොඩනගමු යන තේමාව ඔස්සේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පෝස්ටර් ඇලවීම, මාධ්‍ය, වීදි නාට්‍ය වැඩසටහන්, අත්පත්ත්‍රිකා බෙදාහැරීම හා දිස්ත්‍රික්කයේ සියලු නගර වලදී මහජන පෙත්සමකට අත්සන් ලබාගැනීම හා එකී පෙත්සම ළමා කටයුතු ඇමතිවරියට යොමු කිරීම වැනි වැඩසටහන් මේ සදහා අන්තර් ගතව ඇත.
මේ පිළිබඳ මාධ්‍ය දැනුවත්ව කිරීමට හා මෑතකදී ඇතිවූ ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව විරෝධය පෑමේ අරමුණ ඇතිව මාධ්‍ය හමුවක් කැඳවූ අතර එය පසුගියදා කන්තලේ පැල්මයිරා හෝටලයේදි පවත්වන ලදී.
මෙම මාධ්‍ය හමුවේදී නීතිඥ ගයත්‍රි සූරියබණඩාර, සමාජ ක්‍රියාකාරික සුරංග රූපසිංහ සහ නැගෙනහිර එක්සත් කාන්තා සංවිධානයේ පොඩිමැණිකේ මහත්මිය ඇතුළු සමජ ක්‍රියාකාරිකයින් පිරිසක් අදහස් දක්වන ලදී.

