"වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව" - ටෙලිකොම් පරිපාලනයට ඍජු නායකත්වයක් අවශ්‍යව ඇත
- ආරියතිලක වැටුප් කොමිෂන් වාර්තාව අනුව පිළිගත් වැටුප් විෂමතාවයේ ඉතිරි කොටස සම්පූර්ණ කරනු!
- බහුතර සේවකයින් ගොනාට ඇන්දවීමට ගෙනයන වැටුප් සමීක්ෂණය අපිට එපා!
- ව්‍යාජ කල්රීමැරීම් නොමැතිව පෙන්වාදී ඇති කරුණු මත පදනම්ව ප්‍රවාහන හා ආහාර දීමනාව වහාම වැඩිකරනු!
ප්‍රිය සහෝදර සහෝදරිය,
- ආරියතිලක වැටුප් කොමිෂන් වාර්තාවට අනුව හඳුනාගෙන, කොටසක් පමණක් විසඳූ සේවක වැටුප් විෂමතාවයේ ඉතිරි කොටස නොවිසදා බහුතර සේවකයින් රැවටීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතී. KPMG සහ Deloitte නැමැති ඉන්දියානු සමාගමකට මේ සඳහා කොන්ත්‍රාත්තුවක් සපයා ඇත. එමගින් උත්සාහ දරන්නේ බහුතර සේවකයින් රැවටීමට බව ටෙලිකොම් ඉතිහාසය තුලලක්ෂ ගණනින් මුදල් වියදම් කර සිදු කර ඇති වැටුප් සමීක්ෂණ දෙස ආපසු හරි බලද්දී සක්සුදක් සේ පැහැදිලිවේ.
- පසුගිය වසර කිහිපය තුල ඉන්ධන මිළෙහි සීග්‍ර ඉහළයාම හේතුවෙන් ප්‍රවාහන හා ආහාර වියදම් අතිවිශාල ලෙස ඉහළගොස් ඇත. ඉන්ධන වියදම් ඉහල යාම හේතුවෙන් ඉන්ධන ලබා දෙන සේවකයින්ගේ ඉන්ධන පිරිවැය 340% කින් ඉහල දමා ඇත. එහෙත් බහුතර සේවකයින්ගේ ප්‍රවාහන දීමනාව එම ප්‍රතිශතයෙන් වැඩි නොකර 12% කින් පමණක් වැඩිකර බහුතර සේවකයින් දැඩි අසාධාරණයට ලක්කොට ඇත.
- එමෙන්ම සේවක ආහාර දීමනාව වසර ගණනාවක සිට වැඩි වී ඇත්තේ රු.5500.00 දක්වා ඉතා සොච්චම් මුදලකිනි. ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේ ආපන ශාලාවෙන් දිවා ආහාරය හා උදේ හවස තේ පානය කිරීමට රු.16000.00 කට වැඩි මුදලක් මාසිකව වැයවේ.එම දීමනාවද රු.16000.00 දක්වා වැඩි නොකොට ටෙලිකොම් පාලන අධිකාරිය කල්මරමින් සිටිති.
- සහෝදර සහෝදරිය මෙම අයුක්ති සහගත ක්‍රියාවන් නැවත නැවත සිදුවීම දෙස අප බලා සිටිය යුතු නැත. ජනතා ආණ්ඩුවක් බිහිව ඇතිනම් මෙවැනි දේ සිදුවීම වහාම වැළක්විය යුතුව ඇත. උද්ධමනකාරී ආර්ථිකය තුළ සිදුවිය යුතු අවම සාධාරනයවත් ඉටු වී නැත.
ප්‍රධාන මානව සම්පත් නිලධාරී තනතුර, ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුර, ප්‍රධාන ව්‍යාපාරතනතුර, ප්‍රධාන වෙළඳ නිලධාරී තනතුරට අදාල වෘත්තීකයන් පත් කිරීමට ටෙලිකොම් සභාපතිවරයා ඇතුළු පාලන අධිකාරිය අපොහොසත්ව ඇත.
ටෙලිකොම් ආයතනයේ පාරිභෝගික සේවා විධිමත්ව සිදුකිරීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් සැපයීම පවා වසර ගණනාවක සිට ඉතා දුර්වල තත්ත්වයක ඇත. මේ හේතුවෙන් OPMC සහ RTOM කාර්යාලවල සේවය කරන අප සහෝදර සේවකයින් පාරිභෝගිකයින්ගේ දෝෂදර්ශනයට ලක්වෙමින් ඉතා අපහසුතාවයට නිරන්තරයෙන් පත්වෙමින් ඇත. අමතර වියදමක් නොමැතිව කළහැකි මෙවැනි අඩුපාඩු පෙන්වාදෙමින් SLATE අප වෘත්තීය සංගමය පිටු 8 කින් යුත් වාර්තාවක් සකස්කොට ටෙලිකොම් සභාපතිවරයාට හා ප්‍රධාන විධායක නිලධාරිවරයාට ලබාදි ඇත. කුමන්ත්‍රණකාරී ඇතැම් නිලධාරීන්ගේ උපදෙස්මත එම වාර්ථාව ලබාදී මාස කිහිපයක් ගත වුවද එම වාර්තාව අප වෘත්තීය සංගමය සමඟ මේ දක්වා සාකච්ජාවට ගෙන නැත.
එහෙත් වත්මන් සභාපතිවරයා පැමිණ මාස 2ක් 3ක් ඇතුලත ඉහල නිලධාරීන්ගේ දීමනා සඳහා රුපියල් ලක්ෂ සියගණනක් වෙන්කර දී තම පුටුව රැකගැනීමට උත්සහ දරමින් ඇත. එහෙත් වත්මන් සභාපතිවරයා පාලන අධිකාරිය බහුතර සේවකයින්ගේ නේවාසික හා භාහිර වෛද්‍යාධාර දීමනාව, බටා දීමනාව, නිවාස ණය ප්‍රතිපුර්ණ සිමාව, රාත්‍රී නවාතැන් දීමනාව, රථවාහන ණය සිමාව, ඇතුළු ඉහත සඳහන් කිසිදු දීමනාවක් වැඩි කිරීමට කිසිඳු සුදානමක් නොමැත.
"වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව"
මෙම සියලු අසාධාරණයන්ට එරෙහිව වහාම අඛණ්ඩව සටන් කල යුතුව ඇත. ඒ වෙ වෙනුවෙන් එක මිටකට ගොනුවී සේවක අයිතීන් රැකුමට සටන් වදිමු.
ශ්‍රී ලංකා සියළු විදුලිසංදේශ සේවක සංගමය.(SLATEU)

