ඩෙංගු මර්දනයට කොළඹ රතු කුරුසය අඛණ්ඩව සේවයේ

red-crosse

රජයේ සෞඛ්‍ය හා පළාත් පාලන  ආයතන ක්‍රියාත්මක කරන ඩෙංගු මර්දනය කිරීමේ වැඩ සටහන්වලට රාජ්‍ය අංශයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාව උපරිමයෙන් ස්වෙච්ඡා සේවක සහය සහ එම ස්වෙච්ඡා සේවකයන්ට අවශ්‍ය පහසුකම් සම්පූර්ණයෙන්ම  ලබාදෙන බව ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ විධායක අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පවසන්නීය.

ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය,කොළඹ මහ නගර සභාව සහ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සමග ඔවුන්ගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල,ගොතටුව, හෝමාගම,කඩුවෙල,මහරගම, පිළියන්දල,බොරැල්ල,කොළඹ උතුර සහ නාරහෙන්පිට ප්‍රදේශවල ඩෙංගු මර්දන කටයුතුවලට සහ ඩෙංගු මර්දනය පිළිබඳ  ගෙන් ගෙට යෑමේ වැඩ සටහන්වලට පසුගිය දිනවල  රතුකුරුස ස්වේච්ඡා සේවකයන් (15000) පහළොස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ බවත්, දෛනිකව රතුකුරුස  ස්වේච්ඡා සේවකයන් පනහකට  ආසන්න සංඛ්‍යාවක් ගෙන් ගෙට පරික්ෂා කිරීම් සහ දැනුවත් කිරීමේ වැඩ සටහන්වලට සහභාගී වන බව කුමාරි කොතලාවල මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය අංශය ගෙන යන වැඩ සටහන්වලට රතුකුරුස  සංගමය  අඛණ්ඩව සේවා සහය ලබාදෙන බව ද කොතලාවල මහත්මිය පැවසුවාය.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image