මහජන සෞඛ්‍ය සේවා තනතුරට විශේෂඥ වෛද්‍ය එස්. මහේන්ද්‍ර ආනල්ඩ් මහතා පත් කරයි

dr-mahendra-anold

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) තනතුරට  විශේෂඥ වෛද්‍ය එස්. එස්. මහේන්ද්‍ර ආනල්ඩ් මහතා පත් කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකයෙකු වන විශේෂඥ වෛද්‍ය එස්. මහේන්ද්‍ර ආනල්ඩ් මහතා මීට පෙර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) ධූරයේ රාජකාරී කටයුතු සිදු කරන ලද අතර, කොවිඩ්-19 (COVID-19) වසංගතය මෙරට පැතිර ගිය සමයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසත්, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (National Institute of Infectious Diseases) අධ්‍යක්ෂවරයා ලෙසත්, කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කර ඇත.

2006 වර්ෂයේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පත් වූ එස්. මහේන්ද්‍ර ආනල්ඩ් මහතා 2010 වසරේදී වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයට එක්ව ඇත.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image