2026 වසර වෙනුවෙන් වූ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අය වැය යෝජනාවලිය සඳහා වූ ලංකා බැංකු සේවක සංගමයේ යෝජනාවළියක් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලබාදුන් බව ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයකු "වැඩබිම" ඇසූ ප්‍රශ්ණයකට පවසා සිටියා.
එහිදී ඔහු ප්‍රකාශ කර සියියේ මූල්‍ය හා බැංකු අංශය ඇතුළු අංශ හයක් (06) ආවරණය කරමින් සැකසූ යෝජනා ජනාධිපතිවරයා හට ලබාදීමට කටයුතු කළ බවයි.
(01) නීතියේ ආධිපත්‍යය හා දූෂණය පිටුදැකීම
(02) රාජ්‍ය බැංකු හා රාජ්‍ය ව්‍යවසායයන්
(03) බදු ප්‍රතිපත්තිය
(04) ජාතික ආර්ථිකය
(05) කම්කරු අයිතිය
(06) මූල්‍ය ක්‍ෂෙත්‍රය හා එහි දායකත්වය යන යෝජනා හය(06) යටතේ එම යෝජනාවළිය ලබාදුන් බවත් පසුගියදා ජනාධිපති ලේකම්වරයා සමග ඒ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බවත් පවසා සිටියේය.

