කියන දේ අහන්න..පැය 24 ඇතුලත රට වහන්න

කියන දේ අහන්න..පැය 24 ඇතුලත රට වහන්න

මේ රට තවදුරටත් ඉන්දියාවක්,විශාලා මහනුවරක් නොකර ඉදිරි පැය 24 ඇතුළත රට වසා දමන ලෙස ඉල්ලා සිටින බව නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.රටේ පවතින තත්ත්වය පිළිබඳව නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

මේ රට වහන්නේ නැතිව අපිට මේ යන ගමන සුබදායි වෙන්නේ නෑ. අපි මෙතෙක් කාලයක් ඉල්ලීමක් කළේ නෑ රට වහන්න කියලා. අපෙන් ජනතාව ඉල්ලා සිටිනවා මේ රට තවදුරටත් ඉන්දියාවක්, විශාලා මහනුවරක් නොකර කොරෝනා ප්‍රශ්නය විසඳන්න කියලා.

අපි ළඟ තිබෙන සියලුම වාර්තා එකවර එළියට දාන්න ගියොත් කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ.ජනාධිපතිතුමාට අපි පෙරේදා ලියුමකුත් යැව්වා.සෞඛ්‍ය ඇමැතිතුමියට කතා කරලා කීප වරක්ම කිව්වා.සෞඛ්‍ය ලේකම් තුමාට කිව්වා.සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට කිව්වා.දැන් මම හොයනවා මේක කාටද කියන්නේ කියලා. අගමැතිතුමාටත් කිව්වා.එතුමාත් නිරුත්තරයි.ඔබ දකුණේ වීර සෙ බළෙක් වශයෙන් දැන්වත් ඉදිරිපත් වෙලා මේ රට රැකගන්න ඉදිරිපත්වෙන්න යැයිද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

දේශපාලනඥයන් කිසිවකු රටේ ප්‍රශ්නය පිළිබඳව නිසි අවධානයක් යොමුකර නැති බව ඇල්ලේ ගුණවංශ හිමි මෙහිදී කියා සිටියේය.

දැන් සරුංගලේ නූල ක ඩලා දැම්මා වගේ පාවෙලා යනවා. කොයි වේලේ කූ රියා ග හලා වැටෙයිද කියලා කියන්න බෑ.අපි රජයට භාරදීලා හිටියා.දේශපාලනඥයන් කවුරුවත් ප්‍රශ්නය අතට අරන්නෑ.දේශපාලන පක්ෂ හරි මේකට බැහැලා වැඩකළ යුතුයි නේ.කිසිම දේශපාලන පක්ෂයක් නෑනේ.මෝදි මහත්තයාට වෙච්ච දේ අපිට වෙනවට අපි කැමැති නෑ.

මේ රටේ තිබුණු ඉතාමත් හොඳ දෙපාර්තමේන්තුවක් තමයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව.අද තත්ත්වය දිහා බලපුවාම අපිට ක න ගාටුවක් ඇතිවෙනවා. යු.ධ සමයේදී අපි කිව්වා අපි වෙනුවෙන් අපි කියලා.දැන් යළිත් වරක් අපි වෙනුවෙන් අපි විතරක් වීගෙන යනවා.

රජයක් අපිට ඕන වෙලාවක බිහි කරගන්න පුළුවන්. තියෙන රජයන් අයින් කරගන්නත් පුළුවන්. නමුත්, රට, රටේ ජනතාව අපි ආරක්ෂා කරගත යුතුයි.විශාල දු ක් වේ දනා රැසකට මුහුණ දීපු ජනතාවක් මේ රටේ ඉන්නේ.අවුරුදු 30 ක් යු.ද්ධ යට මුහුණ දුන්නා.ඊට පස්සේ පහුගිය කාලයේ පාස්කු සිදුවීමට මුහුණ දුන්නා. තව කාලයක් සුනාමියට මුහුණ දුන්නා.දැන් කොරෝනාවට මුහුණ දෙනවා.අපේ ජීවිතේ ගෙවිලා ඉවර වුණේ ඒවාට.

කෝ මේ වෛද්‍ය සේවාවේ සිටින විශේෂඥ වෘත්තිකයන්. ඒ අය එන්නේ නැත්තේ මොකද කතාකරන්න වැඩිය.දැන් කතා කරන්නේ කිසියම් ආරක්ෂක අංශවල කට්ටියක් විතරයි.මේවත් අපිට ප්‍රශ්න. හුරු පුරුදු නැති, අත් දැකීම් නැති මේ විෂය පථය පිළිබඳව කිසිම අත්දැකීම් නැති පිරිසක් මේක මෙහෙයවන බව අපිට දැනෙනවා.” යනුවෙනි.