වෛද්‍ය අමාත්‍යාංශය නිහඩයි - 24 සහ 25 දෙදින වර්ජනය ස්ථිරයි

strike

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් පිළිබදව වෛද්‍ය අමාත්‍යාංශයක් සේ ක්‍රියාකරමින් සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීමට එරෙහිව ලබන 24 සහ 25 දෙදින වර්ජන ක්‍රියා මාර්ගයක් දියත් කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ, කැදවුම්කරු, රවී කුමුදේශ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පහත ඉල්ලීම් මූලික කර ගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්, හෙද සහ අතුරු වෛද්‍ය වෘත්තිකයින් පනස් දහසක් පමණ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

  1. වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතාවය වහා නිවැරදි කිරීම
  2. හෙද, පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් සදහා පිළගත් වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීම
  3. වෛද්‍ය පරිපාළණයකට සීමා වී අති "සෞඛ්‍ය කළ කළමනාකරණය" සෞඛ්‍ය පරිපාළණ සේවාවක් බවට පත් කිරීම.
  4. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාල DAT දීමනාව වහා ලබා දීම
  5. අමතර දීමනා සදහා සමාන ප්‍රතිපත්තියක් සැකසීම
  6. මාණ්ඩලික සේවා තත්වය, 5/7 උසස් වීම් වලට අදාල චක්‍රලේඛ වහා නිකුත් කිරීම
  7. සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම