සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් පිළිබදව වෛද්‍ය අමාත්‍යාංශයක් සේ ක්‍රියාකරමින් සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීමට එරෙහිව ලබන 24 සහ 25 දෙදින වර්ජන ක්‍රියා මාර්ගයක් දියත් කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ, කැදවුම්කරු, රවී කුමුදේශ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පහත ඉල්ලීම් මූලික කර ගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්, හෙද සහ අතුරු වෛද්‍ය වෘත්තිකයින් පනස් දහසක් පමණ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.
