අනියම් හා ආදේශක සෞඛ්‍ය සේවකයින් 2500 කගේ ජීවිත දැඩි අනතුරේ

අනියම් හා ආදේශක සෞඛ්‍ය සේවකයින් 2500 කගේ ජීවිත දැඩි අනතුරේ

කොවිඩි වසංගත තත්වය ඉතා උග්‍රවීමත් සමඟ මුලු සමාජයම අවදානමකට ලක්ව ඇත. මෙහිදී මෙම වසංගතය මර්දනය කරන වැඩපිළිවෙළෙහි ප්‍රමුඛ කාර්යභාර්යක් සෞඛ්‍ය සේවකයින් විසින් ඉටු කරනු ලබයි. එබැවින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි ක්‍රියාමාර්ග ගැනීම රජයේ ප්‍රමුඛ කටයුත්තක් විය යුතුය. එහෙත් දින 180 සම්පූර්ණ කළ අනියම් හා ආදේශක සෞඛ්‍ය සේවකයින් 2500 ට වැඩි පිරිසක් මේ වනවිට ජීවිත අවදානම පසෙකලා සේවයේ නිරතවනු ලබන්නේ කිසිදු ආරක්ෂාවකින් තොරවය.

දින 180 සම්පූර්ණකළ සේවකයින් ස්ථිර කිරීම රජයේ වගකීමකි. එහෙත් වසර ගණනාවක් තිස්සේ ඔවුන්ව ස්ථිර කිරීම නොකර සිටියි. මේ නිසා ඔවුන් දැඩි අසරණ තත්වයකට පත්ව ඇත. ඔවුන්ට යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම කිසිවකු දරන්නේ නැත. එමෙන්ම නිරෝධායනය වීමට සිදුවූ විට ඔවුන්ට කිසිදු ගෙවීමක් සිදු කරන්නේ නැත. රාජ්‍ය චක්‍රලේඛ හරහා ලබාදී ඇති විශේෂ නිවාඩු ඔවුන්ට අහිමිය.

ඒ අනුව ඔවුන් දැඩි අසාධාරණයකට පත්ව ඇත. මෙම සේවකයින් ස්ථිර කරගැනීම සම්බන්ධයෙන් විවිධ වෘත්තිය ක්‍රියාමාර්ග ගණනාවක් ගත්තද ආන්ඩුව මේ වන තෙක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. සෞඛ්‍ය ඇමති විසින් 2020/12/09 දිනද, සෞඛ්‍ය ලේකම් 2021/02/23 දිනද, මුදල් අමාත්‍යාංශයේ ලේකම් 2021/03/23 දිනද මෙම සේවකයින් ස්ථිර කරන බවට පොරොන්දු විය.එහෙත් ඒ සියලු පොරොන්දු පුස්සක් බවට පත්ව ඇත.


කිසිදු ආරක්ෂාවක් හෝ රැකවරනයක් නැතිව රෝගී සත්කාරය සිදුකිරීමට සිදුව ඇති තත්ත්වයක් තුළ තව දුරටත් රැකියාව සිදු කිරීමට නොහැකි තත්වයට ඔවුන් පත්ව ඇත.


ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය