26 වැනිදා සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයක

26 වැනිදා සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයක

හෙට සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමෙන් ඉවත්විමට ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තිරණය කරයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්සල් භාරගැනිම ද අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

දුම්රිය පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය දැක්විමක් වශයෙන් මෙම පියවර ගත් බව එම සංගමය පවසයි. ඊට අමතරව මේ මස 26 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ද සැලසුම් කර තිබේ.