ඖෂධ ගාස්තු 28%කින් ඉහල දැමීම ආරම්භයක් විතරයි

ඖෂධ ගාස්තු 28%කින් ඉහල දැමීම ආරම්භයක් විතරයි
  •  ඉදිරියේදී අතේ ඇති මුදලට අනූව ප්‍රතිකාරය තීරණය කරන්න රෝහල් වලට සිදු වේවි.

මේ වන විටත් අත්‍යාවශ්‍ය සුවිශේෂි ඖෂධ 50 කට ආසන්න ප්‍රමාණයක තොග අවසන් වී ඇති බැවින්, සාමාන්‍ය මිල අඩු අනුකරණ ඖෂධ කිහිපයකින් පමණක් සිය ප්‍රතිකාර සැලසුම් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ට සිදු වී ඇත.

මිල අධික සියළු ඖෂධ සිය ප්‍රතිකාරය සදහා අවශ්‍ය වූ විට, ඒවා බාහිර ඖෂධහල් වලින් මිලදී ගැනීම, සාමාන්‍ය ක්‍රමවේදයක් බවට පත් වි ඇති තත්වයක් යටතේ මෙම මිල වැඩිවීම සමස්ථ සෞඛ්‍ය සේවාවටම අදාල මිල බරබතල අර්බුධයකි. මෙම මිල වැඩි කිරීමේ තීන්දුව හේතුවෙන් අත්‍යාවශ්‍ය සුවිශේෂි ඖෂධ මිල තවදුරටත් දෙගුණයක හෝ තුන් ගුණයක් දක්වා හෝ තරගකාරී මිල යටතේ දිනපතා මිල වැඩිවීමකට ලක්වීම නොවැලැක්විය හැකිය., එය වනාහී, අතේ ඇති මුදලට අනූව ලැබෙන ප්‍රතිකාරය වෙනස් වන සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීමට රෝහල් කාර්‍යමණ්ඩලයට සිදු වනු ඇත.

මේ වන විටත් රජයේ රෝහල්හි ඖෂධ වර්ග පනහකට අධික සංඛ්‍යාවක තොග අවසන් වී ඇති අතර, එදිනෙදා අවශ්‍ය වන සාමාන්‍ය ඖෂධ කිහිපයක් සදහා පමණක් සුළු ප්‍රමාණ සැපයුම් කලද, ඒ සදහාද කිසිදු ස්ථිර වැඩපිළිවෙලක් මෙතෙක් අනුගමනය කර නොමැත.

භාණ්ඩ ප්‍රවාහන නැව් සහ ගුවන් යානා පැමිනීම විශාල ලෙස අඩුවී ඇති බැවින්, ඩොලර් ගැටළුවට අමතරව ඖෂධ තොග ප්‍රවාහන ගාස්තු දහ ගුණයක් දක්වා වැඩිවීමද, තෙල් මිල වැඩිවීමට අදාලව, රට තුල ප්‍රවාහන ගාස්තු ඉහලයෑම හේතුවෙන්, ඉදිරියේදී ඖෂධ මිල තවදුරටත් ඉහල යෑම සිදුවන අතර, රජය විසින් ඒ සදහා නිශ්චිත වැඩපිළිවෙලක් නොයදනු ලබන්නේ නම්, රට තුල නිදහස් සෞඛ්‍ය සේවාවක්  ක්‍රියාත්මක නොවන පරිසරයක් සදහා මහ ජනතාව සූදානම් විය යුතුය.

ravikumudesh photo

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය