ඇතිවිය හැකි ඖෂධ හිගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස ඉල්ලයි

ඇතිවිය හැකි ඖෂධ හිගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස ඉල්ලයි

රට  තුල ඇතිවී ඇතිවර්තමාන තත්ත්වයක් සමඟ ඉතා ඉක්මනින් රට තුළ ඖෂධ හිඟයක් නිර්මාණය විය හැකි බවට ජනමාධ්‍ය සහ වෘත්තීය සමිති දිගින් දිගටම වාර්තා කරන තත්ත්වයක් යටතේ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයේ දැනට පවතින ඖෂධ සැපයුම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ද මේ අන්දමට ඉදිරි කාලයේ ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින්නේද යන්න  සම්බන්ධයෙන් සත්‍ය කරුණු ජනතාවට පවසන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානය, ඖෂධ නිෂ්පාදනය, සැපයුම සහ බෙදාහැරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ඇතිවිය හැකි ඹෘෂධ හිඟය සම්බන්ධ බිය නිසා මුදල් ඇති පුද්ගලයන් ඖෂධ විශාල වශයෙන් ගබඩා කර ගැනීම ආරම්භ  කර ඇති අතර මේ තත්ත්වය යටතේ මුදල් නොමැති දුප්පත් පුද්ගලයන්ට  ඉදිරි කාලයේ දී තම රෝගාබාධ තත්ත්වයන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හිඟවීමේ දැඩි අර්බුදයකට මුහුණ පානු ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පවතින ඖෂධ තොග රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ සමාන ලෙස ජනතාවට ලබාගත හැකි අන්දමට බෙදී යාමේ වැඩපිළිවෙළක් සකස් කිරීම අත්‍යවශ්‍ය වන අතර ඉදිරි කාලයේ ඖෂධ හිඟයක් ඇතිවීම සම්බන්ධයෙන් පැතිර යන මතවාද සම්බන්ධයෙන් වගකිවයුතු රජයක්  ලෙස ජනතාව දැනුවත් කිරීම ඉතා අත්‍යවශ්‍ය කරුණක් ලෙස අප විශ්වාස කරමු.

ඇති විය හැකි අවදානම සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය කඩිනමින් යොමු කොට ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.