ලංගම සේවකයින්ට විසිදාහක උත්සව අත්තිකාරම් ඉල්ලයි

ලංගම සේවකයින්ට විසිදාහක උත්සව අත්තිකාරම් ඉල්ලයි

ශ්‍රී ලංගම සේවකයින්ට සිංහල අලූත් අවුරුද්ද වෙනුවෙන් 2022 වර්ෂය සඳහා උත්සව අත්තිකාරම් වශයෙන් රු.20,000/- මුදලක් ලබාදීමට සහ රු. 50,000/- ක විශේෂිත බැංකු ණය මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංගම සේවකයන්ගේ ආත්ම අභිමානය හා වෘතීය ගෞරවය රැකගෙන සිංහල අලූත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමට 2022 වර්ෂය සඳහා උත්සව අත්තිකාරම් වශයෙන් රු.20,000/- මුදලක් ලබාදීමට සහ රු. 50,000/- ක විශේෂිත බැංකු ණය මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ඔබතුමාගෙන් අප සංගමය කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

මේ මොහොතේ ශ්‍රී ලංගම සේවකයින් අත්විඳින ආර්ථික දුෂ්කරතා තත්ත්වය තුළ රු.20,000/- ක මුදල උත්සව අත්තිකාරම් වශයෙන් ප්‍රමාණවත් නොමැති වුවත් රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බූදය නිසා අප සංගමය රු.20,000/- ක මුදලින් තාවකාලිකව සෑහීමට පත්වන්නෙමු. මීට අමතරව රු. 50,000/- ක විශේෂිත බැංකු ණය මුදල අදාළ බැංකු වලින් සිදුකරන අමතර කොන්දේසි බාධා ඉවත් කර සියළුම ශ්‍රී ලංගම සේවකයන් හට එම විශේෂිත බැංකු ණය මුදල කිසිදු බාධාවකින් තොරව ලබාදීමට මැදිහත් වන ලෙසද අප සංගමය ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

ගරු ජනාධිපති තුමණි, ශ්‍රී ලංගම සේවකයන් හට තම ආත්ම අභිමානය සහ වෘතීය ගරුත්වය රැකගනිමින් මගී ජනතාවට අගනා සේවයක් සිදුකරමින් සිංහල අලූත් අවුරුද්ද සැමරීමට ශ්‍රී ලංගම සේවකයන් හට රු. 20,000/- උත්සව අත්තිකාරම් මුදලක් සහ කිසිදු බාධාවකින් තොරව සියලූම ශ්‍රී ලංගම සේවකයන් හට ලබාගැනීමට රු.50,000/- විශේෂිත බැංකු ණය මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අප සංගමය නැවත වතාවක් ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.