තවත් 321 දෙනෙකු රාජ්‍ය සේවයට බදවා ගැනේ

තවත් 321 දෙනෙකු රාජ්‍ය සේවයට බදවා ගැනේ

සාමාන්‍ය පෙළ අසමත් අයවලුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගා සි‍ටුවීම මෙම වැඩසටහනේ අරමුණයි. බදවා ගැනීමෙන් පසු අවශ්‍ය පුහුණුව සුදුසු පරිදි ලබාදී පත්වීම්ලාභීන් එලදායි සේවකයන් ලෙස විවිධ ආයතන වලට අනුයුක්ත කිරීමට නියමිතව ඇත.

ඒ අනුව වාරියපොල ආසනයේ පලමු කණ්ඩායම ලෙස 321 දෙනෙකුට ඒ යටතේ පත්වීම් ලිපි ප්‍රදානය පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා අතින් වාරියපොල ශ්‍රී.ල.පො.පෙරමුණු පක්ෂ කාර්යාලයේදී සිදු කෙරිනි.

මෙම බඳවා ගැනීම් “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව බහු කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මගින් මෙම 321 රාජ්‍ය සේවයට රාජ්‍ය සේවයට බදවා ගැනේ.