වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරික්ෂණ 40කට වඩා සිදුකරන්නේ නෑ

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරික්ෂණ 40කට වඩා සිදුකරන්නේ නෑ

පරීක්ෂණ හා ඖෂධ හිගයට අදාල හේතුව ආර්ථික අර්බුධය හෝ මුදල් අහේනියම නොවන අතර නිළධාරීන්ගේ අකාර්යක්ෂමතාවය සහ ක්‍රමවේදයන්ගේ පවතින අනවශ්‍ය සංකීර්ණ බවත්,  එම තත්වයද හිතා මතා ඇති කර ගත් තත්වයක් නොවන අතර පරීක්ෂණ පෞද්ගලික රසායනාගාර වෙත යොමු කිරීමේදී සහ ඖෂධ බාහිර වශයෙන් මිලදී ගැනීමේදී විශාල වාසි සලසා ගන්නා පාර්ශව විසින් අර්බුධය විකුණාගෙන කන තත්වයක් සෞඛ්‍ය සේවාව තුල ඇතිව තිබෙන බවත්, මෙම තත්වය වැලැක්වීම සදහා නිසි මග පෙන්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොලැබෙන අතර, බොහෝ ඉහල නිලධාරීන්ද මෙම ක්‍රමයේම ඉත්තන් හෝ ගැත්තන් බවර පත්ව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, රවී කුමුදේශ්  මහතා පවසනවා.

අත්‍යවශ්‍ය ඖෂධ 120කට වඩා වැඩි ප්‍රමාණයක් සපයා ගැනීමට නොහැකි තත්වයකට ඖෂධ සැපයීම් අංශය කඩා වැටී ඇති අතර, රට පුරා රෝගීන්ගේ රෝග හදුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ 40කට අධික සංඛ්‍යාවක් සිදු කල නොහැකි තත්වයකට වෛද්‍ය පර්‍යේෂණ අයතනය බිඳ වැටී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටි.

ඒ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු නොකරන පරීක්ෂණ පහත පරිදි වේ

1. PSA

2. TSH

3. T3

4. T4Antigen

6. Testesterone

7. Vitamin B12

8. Projesterone

9. Vitamin D

10. Cortizole

11. Tracloimas

13. VMA

14. Cyclosphorin

15. Metanephrin

16. Anti Cardio Tropanin

17. CMV IgG

18. CMV IgM

19. Mumps IgG

20. Rubella IgG

21. Hb A1C

22. Celluloplasmin

23. Electrolytes

24. BJ Protein

25. ANA

26. Varcella IgG PCR

27. EBV PCR

28. BKV PCR

29. Pavo IgM PCR

30. Pavo IgG PCR

31. Hepatitis A IgG

32. Hepatitis A IgM

33. Hepatitis C Ab

34. Hepatitis B Antibody Profile

35. Hepatitis Anitigen

36. Hepatitis Co Antigen

37. C3

38. C4

39. ASOT

40. AFB

41. CEA

42. Thyroglibulin

සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය ඖෂධ හා රසායනාගාර ප්‍රතික්‍රීයක මිලදී ගැනීම සදහා සදහා අධාර ලබා දීමට අසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB), ලෝක බැංකුව සහ ඉන්දියන් ණය ආධාර (Credit Line) හරහා මුදල් ලබා ගැනීමට හැකියාව පවතින අතර, චීනය වෙනම ආධාරයක් ද ලබා දී තිබේ. නමුත් උක්ත කිසිදු ආධාරයක් හෝ කාර්යක්ෂම  ලෙස පරිහරණය කිරීමට අසමත් වීම, මෙම සෞඛ්‍ය අර්බුධයට අදාල ප්‍රධානතම හේතුවයි.

බිම් මට්ටමේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ පැමිණිලි, වෘත්තීය සමිති යෝජනා පසෙකලමින්, තමන්ට පෞද්ගලිකව ලැබෙන ලාභය උදෙසා වැඩ කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල පරිපාළණ නිළධාරීන් දස දෙනෙකුගේ සේවය ‍රජය විසින් තවත් වසරකින් දිගු කිරීම හරහා නිරායාසයෙන් ලැබීමට තිබු කාර්යක්ෂමතාවයද තවත් වසරකින් දික්කොට ඇති බැවින් රෝගීන් දිනපතා බිලි දෙනවා හැර වෙනත් විකල්පයක් පෙනෙන්නට නැති බව රවි කුමුදේස් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.