රට පුරා රෝහල් අකර්මන්‍ය විය හැකියි -රජයේ වෛද්‍ය සංගමයෙන් හෙලිදරව්වක්

රට පුරා රෝහල් අකර්මන්‍ය විය හැකියි -රජයේ වෛද්‍ය සංගමයෙන් හෙලිදරව්වක්
පවතින ඖෂධ හිඟය විශාල බිදවැටීමකට ලක්වෙමින් පවතින බැවින් ඉදිරියේ දී මෙරට සියලු රෝහල් අකර්මන්‍යය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ අදවනවිට හෘද රෝග සඳහා ලබාදෙන ඇස්ප්‍රින් ඖෂධය පිටත ඖෂධහල්වලින් ලබා ගැනීමට රෝගීන්ට සිදුව ඇති බවත් කොළඹ ජාතික රෝහලේ ද දැඩි ඖෂධ හිඟයක් පවතින බව නිර්වින්දන ඖෂධ හිඟතාවයෙන් සැත්කම් කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවයි.
 

මේ තත්ත්වය හේතුවෙන් ඉදිරි කාලයේදී දිවයින පුරා රෝහල් අකර්මන්‍ය විය හැකි බවයි සඳහන් වෙන්නේ.