මෙරට සේවය කරන ඉන්දීය කම්කරුවන් 43ට කොවිඩ්

  මෙරට සේවය කරන ඉන්දීය කම්කරුවන් 43ට කොවිඩ්
හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ නිරත ඉන්දීය ජාතිකයින් 43 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
 
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග පවසන පරිදි  එම කර්මාන්තශාලාවේ සේවකයින් ලෙස කටයුතු කළ ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු මීට දින කිහිපයකට පෙර ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
 
පසුව සෙසු සේවකයින් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ දී ඒ අතරින් තවත් ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගෙන තිබේ.
 

ආසාදිත ඉන්දීය ජාතිකයින් මේ වන විට හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියි.