ඔන්ලයින් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 45ක්

ඔන්ලයින් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 45ක්

ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 45ක් ලැබී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

මෙම පනත අභියෝගයට ලක්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය,  මාධ්‍ය නීති සංසදය, සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය ඇතුළු දේශපාලන පක්ෂ, පුද්ගලයින් හා සිවිල් සංවිධාන විශාල පිරිසක් මෙම පෙත්සම් ගොනුකර තිබේ.

මෙයට අමතරව ඇති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ද මෙම පනත අභියෝගයට ලක්කරමින් පෙත්සමක් ගොනු කර ඇත.