පැය 48ට තැපෑල නවතියි

පැය 48ට තැපෑල නවතියි

තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන සහ මෙහෙයුම් ගැටලුවලට විසඳුම්දීමට බලධාරීන් අපොහොසත්වීමට විරෝධය දක්වමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය පැය 48 ක සංකේත වැඩවර්ජනය ඊයේ (10) පස්වරු 4.00 ට ආරම්භ කරන ලදී.

එම වර්ජනයය හෙට (12) මධ්‍යම රාත්‍රීයේ අවසන් කිරීමට නියමිතය.

ඒ අනුව රටපුරා තැපැල් කාර්යාල 653 ක්, උප තැපැල් කාර්යාල 3,410 ක් සහ සියලුම පරිපාලන කාර්යාලවල කටයුතු අඩාල වන බවත් තැපැල් සේවකයන් 27,000 ක් පමණ වර්ජනයට එකතු වන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය පවසයි.