කාර්ගිල්ස් ෆ්‍රඩ්සිටි (Cargills Foodcity) හිදී තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
මෙලෙස පහර දී ඇත්තේ බොරැල්ල කොටා පාරේ පිහිටි කාර්ගිල්ස් සුපිරි වෙලද සලක් තුළදීය.
පහර කෑ තරුණිය ඉකුත් 18 වෙනිදා එම වෙළඳසැල තුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු පොලිසිය සොයමින් ඇතැයි ද මේ අතර වාර්තා වේ.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පැවැත්වේ.
සේවකයෝ චණ්ඩි වුණේ ඇයි ?
මේ අතර පිරිසක් එම පහරදීම සාධාරීණීය කිරීමට ද විවිධ උත්සාහයන් දරමින් සිටින බවට සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්ව තිබේ.
ඒ අතර මේවන විටද ලංකාවේ ඇතැම් මාධ්‍ය ආයතන අදාළ සිද්ධිය වූ ස්ථානයේ නම සඳහන් නොකොට පුවත් පල කිරීමට ද කටයුතු කරමින් සිටී.
කෙසේවුවද, සෑම සියල්ලන්ම කාර්ගිල්ස් හි සේවකයන් විසින් ීතිය අතට ගැනීම සම්බන්ධයෙන් බරපතලව විවේචනය කර ඇත.
මේ අතර, සේවකයන් මෙසේ ප්‍රඩණ්ඩවීමට කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills Foodcity) හි දරදඬු පාලනය හේතුවක් බව මානව හිමිකම් සංවිධාන හා පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන පෙන්වාදී ඇත.
කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් අප කළ සොයා බැලීමකදී කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills Foodcity) හි පාලනාධිකාරිය විසින් එහි සේවකයන්ට පනවා ඇති දැඩි නීති රීති ගැන ඔවුන් පීඩනයකින් පසුවන බවත් හෙළිකර ගැනීමට හැකි විය.
පහත දැක්වෙන්නේ කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills Foodcity) හි සේවකයන්ව පීඩනයට පත් කරණ දැඩි නීති රීතිවලින් කොටසකි.
ඇතැම් සේවකයන් කියා සිටින්නේ පාලනාධිකාරිය CCTV පද්ධති නිරීක්ෂණයට කිසිවකු යොදවා නොමැති නිසා එක් එක් ශාඛාවේ සේවකයන්ටම පාරිභෝගික සොරකම් ඇල්ලීමට සිදුවීම පාරිභෝගිකයන් හා සේවකයන් අතර බහින්බස්වීම් හා ගැටුම් ඇතිවීමට හේතුවන බවයි.
මේ අතර, අදාළ ආයතනය විසින් එම සිද්ධියේ සියලු වගකීම් අදාළ ශාඛාවේ සේවකයන් වෙත පවරා නිවේදනයක් නිකුත්කරමින් අතපිහදා ගැනීම සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යයේ දැඩි ලෙස විවේචනය කර තිබේ.
(sri Lanka Mirror)
