ආර්ථික සංවර්ධන නිලධාරින් 5000 බෙදිමෙන් බැහැර වෙයි

ආර්ථික සංවර්ධන නිලධාරින් 5000 බෙදිමෙන් බැහැර වෙයි

කොවිඩ් - 19 ව්‍යසනකාරී තත්වය නිසා බලපෑමට ලක් වූ පවුල්වල රු.5000/- ක දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන නිලධාරින් ඒ සඳහා සම්බන්ධ නොවන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සංවර්ධන නිලධාරී සේවා සංගමය ලිපියක් යවමින් දන්වා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

උක්ත කරුණට අදාළව චක්‍රලේක අංක PPF/03-2021 දරණ 2021.04.10 දිනැතිව අග්‍රාමාත්‍ය ලේකම්තුමා විසින් නිකුත් කර ඇති චක්‍රලේකය හා බැඳේ.

මෙම දීමනාව ගෙවීමේ දී චක්‍රලේඛයේ අංක 4 යටතේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම් විසින් තිරණය කරනු ලබන වෙනත් සුදුසු නිලධාරීන් සහභාගී කරවාගෙන දීමනාව බෙදා හරින ලෙස දක්වා ඇත.

කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් මීට පෙර අවස්ථා වලදී ද වරින් වර තීරණය කරන ලද ප්‍රථිලාභයන් ලබා දීම ග්‍රාම නිලධාරී වසම්වල සිටින සියළු නිලධාරීන් එක්ව සිදු කරන ලදි. ඒ යම් යම් ප්‍රදේශ මෙන්ම රටම වසා ඇති කොවිඩ් වසංගතය භීතියක් ලෙස රටම වෙලාගෙන ඇති අවස්ථාවන්හි දීය. දැනට ආශ්‍රිතයන් නිරෝධායනය කිරීම් වල දී දඅදාළ පුද්ගලයා පමණක් නිරෝධායනය කරන රට වසා නැති මොහොතක රට වැසියාගේ ඉල්ලීමකින් ද තොරව හදිසියේ 2021.04.10 දින ලිපි නිකුත් කරමින් සිංහල අලූත් අවුරුද්දට පෙර රු.5000/- ක දීමනාවක් ගෙවන ලෙස හසිදි තීරණයක් ගෙන ඇත.

ප්‍රතිලාභ බෙදාදීම් වල දි දිගින් දිගටම අර්බුදයන්ට ලක් වූ අවස්ථා බොහෝමයක් තිබිය දී කිසිදු පෙර සූදානමකින් තොරව ප්‍රතිලාභී භාණ්ඩ 6ක් සඳහා දීමනා ගෙවන ලෙස දක්වා ඇත්තේ ග්‍රාම නිලධාරී වසම් වල රාජකාරියෙහි නිරත සියළු නිලධාරීන් අපහසුතාවයට පත් කරමිනි.

මේ වන විටද බොහෝ නිලධාරීන් තම දරු පවුල් ද සමඟ ගම්බිම් බලා ගොස් ඇති අවස්ථාවක මෙවැනි තීරණ ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන මෙන්ම නිලධාරීන් සහ ප්‍රතිලාභීන් අතර ගැටුම් හා මතබේදයන් ඇති කරන තත්වයක් උදාවිය හැකි තත්වයක් ද පැමිණිය හැකි බැවිනි.

මෙය හුදෙක් දේශපාලන අරමුණක් මත ගන්නා ලද තීරණයක් බව හැඟී යන හෙයින් ද ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙම ක්‍රියාවලිය සඳහා සම්බන්ධ නොවන බව කාරුණිකව දන්වා සිටිමි.