අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණුව මාස 6කින් දීර්ඝ කිරීමේ යෝජනාවට දැඩි විරෝධය

dammika-munasinghe

අද දින මාධ්‍ය වාර්තා කරන පරිදි රජය විසින් බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණු කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමේ උත්සාහයක් පවතින බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවාගත්තේ වසරක පුහුණුවකින් පසු ස්ථිර කිරීමේ පදනමිනි. දීමනාව ලබාදුන්නේ මාසිකව 20000කි. මේ වනවිට වසරක පුහුණුව අවසන් කර ඇත.

අප දිගින් දිගටම ඉල්ලා සිටියේ මෙම අභ්‍යාසලාභීන් 2021 සැප්තැම්බර් 3 දිනට වන සේ ස්ථිර කරන ලෙසයි. අභ්‍යාසලාභී පසුගිය වසරක කාලය තිස්සේ පාසල් වල ඉගැන්වීම් කටයුතු, සෞඛ්‍ය කාර්යාලවල රාජකාරී, වසම්වල රාජකාරී හා කාර්යාලගත රාජකාරී සිදුකරන ලදී. වසංගත කාලය තුළ පවා සමහර කාර්යාලවලට දින 7ම පවා සේවයට කැඳවන ලදී.

මේ අතර පසුගියදා පාරිභෝගික සේවා අධිකාරියට තවත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 1500ක් පමණ හදිසියේ අනුයුක්ත කරන ලදී. ඔවුන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වෙළෙ ඳසැල් වෙත යමින් හාල් මිල, සීනි මිල සෙවීමට යොදවා ඇත්තේ අවම ප‍්‍රවාහන දීමනාවක් පවා ලබානොදෙමිනි.

මේ තත්වය හමුවේ අප ආණ්ඩුවට අවධාරණය කරනුයේ ආණ්ඩුව ගැනීමට සූදානම්වන අභ්‍යාසලාභී පුහුණුව මාස 6කින් දීර්ඝ කිරීමේ උත්සාහය නවත්වා, සැප්තැම්බර් 3 දිනට ස්ථිර කරන වැඩපිළිවෙළ ඉදිරිපත් කරමින් ස්ථිර කිරීම සිදුකරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී විෂයභාර ඇමතිවන, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්. ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරුන්ට ලිඛිතව දන්වමින් සාකච්ඡා ඉල්ලන අතර ජනාධිපතිවරයා ඇතුළු සියලූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු දැනුවත් කිරීමටත්, සැප්තැම්බර් 21 දිනට පෙර ස්ථිර කරන වැඩපිළිවෙළ ඉදිරිපත් නොකරන්නේනම් ගත හැකි උපරිම කි‍්‍රයාමාර්ග ‘‘ස්ථිර කරගැනීම’’ වෙනුවෙන් ගන්නා බවත් ප‍්‍රකාශ කරමු.