විශ්‍රාම වයස 60ට අඩුවී සළුසල සේවකයින් 6ට බහී

විශ්‍රාම වයස 60ට අඩුවී සළුසල සේවකයින් 6ට බහී
මෙම වසර අවසානයේ සීමාසහිත ලංකා සළුසල ආයතනයේ ඉතිරි වන්නේ සේවකයින් හයදෙනෙකු පමණක් බවට තොරතුරු වාර්තාවේ.
 
මේ වනවිට සළුසල ආයතනයේ සේවය කරන ස්ථිර සේවකයින් ගණන 08කි.
 
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමත් සමග මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට එම ආයතනයේ සේවකයින් දෙදෙනෙකු විශ්‍රාම යාමට නියමිතව තිබේ.
 
සළුසල ආයතනය සේවකයින් 1200කින් සමන්විත වූ ආයතනයක් වුවද, විශ්‍රාම යාමට නියමිත සේවකයින් නිසා මෙම තත්ත්වය ඇතිවී ඇත.
 
පසුගිය වසර 10ක කාලය තුළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම ඇතුළු විවිධ හේතු මත එහි සේවකයින් 08 දෙනෙකු දක්වා අඩු වූ බව සළුසල සුරැකීමේ සංගමයේ සභාපති, හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික දයා හේමන්ත සිල්වා පවසයි.
 

මේ අතර දයා හේමන්ත මහතා චෝදනා කරන්නේ, 2016 වසරේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවකයින් 195 දෙනාගෙන් බහුතරයකට විශ්‍රාම පාරිතෝෂිත මුදල, සේවක අර්ථ සාධක අරමුදල සහ වන්දි මුදල් හෝ මෙතෙක් ලබා දී නොමැති බවයි.