රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා ඉහළ නැංවීමේ අයවැය (2022) යෝජනාවට වෘත්තිය සමිති වැඩි සංඛ්‍යාවක් විරෝධය දක්වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ‘ පැවසීය.
වෘත්තිය සමිතිවල එම විරෝධය පිළිබඳව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අවධානය යොමු කර ඇති බව කී එම අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩ කරන අයට එපා නම් කවුරුන් වෙනුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කරනවාද යන ගැටලුව මේ වන විට මතු වී ඇති බව ද සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස ලබන වසරේ (2022) ජනවාරි 1 වැනිදා සිට අවුරුදු 65 ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.