වර්තමානයේ පවතින අභියෝගයන්ට ද මුහුණ දෙමින්, නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට ද අනුගතව රෝහලේ ඉදිරි ගමන් මඟ ශක්තිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
කාසල්වීදියේ කාන්තා රෝහලට (ශික්ෂණ) වසර 75 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම රෝහලේ දී පැවැත්විණි.
වර්තමානයේ පවතින අභියෝගයන්ට ද මුහුණ දෙමින්, නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට ද අනුගතව රෝහලේ ඉදිරි ගමන් මඟ ශක්තිමත් කිරීමට කටයුතු කරන බව එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.
වසර 75 ක ගමන් මගක් සනිටුහන් කරමින් කාන්තා සහ මාතෘ සෞඛ්‍ය සේවාවේ මුදුන් මල්කඩක් ලෙස රෝහල ලබාගත් ජයග්‍රහණ රැසක් වන බවද කාසල් වීදියේ කාන්තා රෝහල මාතෘ සහ නව ජන්ම සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ කැපවීම සහ විශිෂ්ටත්වයේ සංකේතයක් ලෙස ඉදිරියෙන්ම පවතින බව ද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
මෙහිදී 75 වන සංවත්සරයට සමගාමීව වූ විශේෂ වෛද්‍ය ප්‍රදර්ශණය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අතර, එම වෛද්‍ය ප්‍රදර්ශණය අද සහ හෙට පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා නොමිලේ පැවැත්වේ. දරු උපතේ කලාව, කැමරා ඇසින් කෙරෙන ශල්‍ය කර්ම, නලදරු උපත් ක්‍රියාවලිය සහ වෛද්‍ය දැනුම ප්‍රගුණ කර ගැනීමට තවත් බොහෝ දේ මෙම වෛද්‍ය ප්‍රදර්ශණයට අන්තර්ගත කර තිබුණි.

