දන්ත ශල්ය වෛද්ය නිලධාරීන් 77 දෙනෙකු සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්රදානය කිරීමේ වැඩසටහන සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා කාසල් වීදියේ කාන්තා රෝහල් පරිශ්රයේ ස්ථාපිත රෝගීන්ගේ සුරක්ෂිතතා සහ ප්රතීතන කාර්යංශ ශ්රවණාගාරයේදී පැවැත්විණි.
රජයේ දන්ත සෞඛ්ය සේවාව සඳහා අවශ්ය මානව සම්පත තවදුරටත් ශක්තිමත් කරමින්, ජනතාව වෙත වඩාත් ප්රවේශගත, කාර්යක්ෂම හා ගුණාත්මක මුඛ සෞඛ්ය සේවාවක් සැපයීමේ අරමුණින් මෙම සීමාවාසික පත්වීම් ලබාදීම සිදු කෙරේ.
මෙම දන්ත ශල්ය වෛද්ය නිලධාරීන් වසරක සීමාවාසික පුහුණු කාලයක් සඳහා දිවයින පුරා පිහිටි ශික්ෂණ රෝහල්, පළාත් රෝහල් සහ දිස්ත්රික් මහ රෝහල් 31ක් වෙත අනුයුක්ත කෙරෙනු ඇත.
මෙහිදී මහාචාර්ය දිලිප් ද සිල්වා සහ විශේෂඥ වෛද්ය ගාමිණී නවරත්න යන මහත්වරුන් විසින් දැනුවත් කිරීමේ විශේෂ ආරාධිත දේශන පවත්වන ලදී.
