කළුතර මහ රෝහල සඳහා ගෙන්වනු ලැබූ ලක්ශ 1500 වටිනා CT ස්කෑන් යන්ත්‍රය පෙබරවාරි 14 වෙනිදා කොලඹ වරායට ගෙන්වූ නමුත් මේ වනතෙක් එම යන්ත්‍රය වරාය රේගුවෙන් නිදහස් කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කර නොමැත. මේ වනවිට ප්‍රමාද ගුදම් ගාස්තු වශයෙන් මිලියනයකට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව ගනන් බලා ඇත.
කළුතර මහ රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම සදහා 2021 වර්ෂයේ ටෙන්ඩර් කැඳවීම සිදුකල අතර සැපයුම්කරුවකු තෝරා ගත්තද යන්ත්‍රය ගෙන්වීමට අවශ්‍ය අනෙකුත් කටයුතු දීර්ඝ කාලයක් ප්‍රමාද විය.
කෙසේ නමුත් දීර්ඝ කාලයක් ප්‍රමාද වූ මෙම යන්ත්‍රය මිලදී ගැනීම නව රජය පත්වූ වහාම නලින්ද ජයතිස්ස ඇමැතිතුමාගේ මැදිහත්වීම මත පසුගිය නොවැම්බර් මාසයේ ණයවර ලිපි විවෘත කොට කඩිනමින් ලංකාවට ගෙන්වන ලෙස උපදෙස් ලබාදෙන ලදී.
කළුතර මහ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය 2023 වසරේ පෙබරවාරි මාසයේ සම්පූර්ණයෙන්ම බිදවැටුනු අතර එදින සිට මේ දක්වාම එම රෝහලේ CT හදිසි පරීක්ෂණ පුද්ගලික රෝහල් වලින් සිදුකරන අතර අනෙකුත් රෝගීන්ගේ පරීක්ෂණ හෝමාගම මූලික රෝහල , හොරණ මූලික රෝහල හා කළුබෝවිල ශික්ෂණ , කොළඹ ජාතික රෝහල යන රෝහල් වෙතට ප්‍රවාහනය කර සිදුකරගෙන යයි. මේ වනවිට රෝගීන් ප්‍රවාහනයට සහ පුද්ගලික රෝහල් වලින් පරීක්ෂණ සිදුකිරීමට වැය කල මුදල යන්ත්‍රයේ මිලට වඩා වැඩි වනු ඇති බව විශ්වාස කල හැක.
මෙවැනි අධි තාක්ෂණික යන්ත්‍ර දීර්ඝ කාලයක් ගබඩා වල තැබීමෙන් යන්ත්‍ර කොටස් වලට හානිවීමද සිදුවියහැකි අතර මෙම යන්ත්‍රය කඩිනමින් නිදහස් කොට කළුතර මහ රෝහලේ රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට ලබාදෙන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර සෞඛ්‍ය ඇමතිතුමාට මේ පිලිබදව සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී
| චානක ධර්මවික්‍රම | සභාපති | රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය