දිරි දිමනා කප්පාදු කිරීම නිසා ETF සභාපති නිල කාමරයට සිරකරවයි!

දිරි දිමනා කප්පාදු කිරීම නිසා ETF සභාපති නිල කාමරයට සිරකරවයි!
නාරාහේන්පිට පිහිටි කම්කරු මෙහෙවර පියස කාර්යාලයේ පවත්වාගෙන යන සේවා නියුක්ති භාරකාර අරමුදල් මණ්ඩලයේ සභාපති ආර්.ඒ.දේශපිය මහතා එහි සේවකයන් පිරිසක් විසින් නිවාස අඩස්සියේ තබා ඇතැයි එම කාර්යාල ආරංචි මාර්ග කියයි.
 
දිරි දිමනා ඇතුළු ලැබිය යුතු ගෙවීම් කප්පාදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  මෙසේ ඔහුගේ කාර්යාලය තුළ සිර කර ඇතැයි සඳහන්ය.
 
නිල ඇඳුම් දීමනා, දිරිදීමනා කප්පාදු කිරීම සහ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වනු පිණිස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි වැඩිදුරටත් අනාවරණය වේ.