හරිත අලුත්ගේ GMOAසභාපති පුටුවට පත්වන ලකුණු

හරිත අලුත්ගේ GMOAසභාපති පුටුවට පත්වන ලකුණු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය ලබන මාසයේ පැවැත්වීමට නියමිත වන අතර හරිත අලුත්ගේ නිතරඟයෙන්ම සභාපති ධුරයට පත් වනු ඇති බව වාර්තා වෙයි.

දැනටමත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඇතුළු විකල්ප වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහන්ව රැසක් හරිත අලුත්ගේ මහතාට සහයෝගය පළ කර ඇති බවත් වාර්තාවේ. 

හරිත අලුත්ගේ මහතාගේ කණ්ඩායමට අමතරව රෝහල් පරිපාලන ක්ෂේත්‍රෙය් සිටින වෛද්‍යවරුන් කණ්ඩායමක් ද මෙවර තරගයට ඉදිරිපත් කර නමුත් සභාපතිධුරය සඳහා හරිත අලුත්ගේ මහතා නිතරගයෙන් පත්වනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.