දුම්රිය මඟීන්ට විශේෂ දැනුවත් කිරීමක්!

දුම්රිය මඟීන්ට විශේෂ දැනුවත් කිරීමක්!
දුම්රිය මඟීන්ට වැදගත්වෙන විශේෂ නිවේදනයක්  දුම්රිය දෙපාර්තමෙනතුව විසින් නිකුත් කර තිබේ.
 
එම නිවේදනයට අනුව අද (14) දිනයේ සිට දුම්රිය දුර ගමන් සේවා සඳහා දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර තිබෙන අතර රට තුළ ක්‍රියාත්මකවෙන ඇඳිරි නීතිය හේතුවෙන් සාමාන්‍ය පරිදු දුර ගමන් සේවා ධාවන කටයුතු සිදුකිරීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස දුම්රිය කිහිපයක් ධාවනයට යොදවා තිබෙන බවයි සිහිපත්කර දී ඇත්තේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ ඇඳිරි නීතිය පැනවීම අවසන් වී පසු දුම්රිය ධාවනය කරටයුතු සමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි.