දුම්රිය මඟී ඔබට ප්‍රථම වතාවට ලැබෙන අනඟි සේවයක් -මෙන්න විස්තර

දුම්රිය මඟී ඔබට ප්‍රථම වතාවට ලැබෙන අනඟි සේවයක් -මෙන්න විස්තර

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට වෙබ් අඩවියක් හා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වාදී තිබේ.

මෙමඟින් ඉදිරියේදී දුම්රිය මඟීන්ට සියලුම මාර්ගවල දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට අවස්ථාව ඇති බවත් කොළඹ කොටුවේ – බෙලිඅත්ත, බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය, තලෙයිමන්නාරම, මහනුවර සහ බදුල්ල යන දුරගමන් සේවා දුම්රියවල ප්‍රවේශපත් වෙන් කරගැනීමේ අවස්ථාව ද උදාවේ.

මේ වන විටත් දුම්රිය ප්‍රවේශපත් ලබා ගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක් කර ඇති අතර ඉදිරියේදී මෙම පද්ධතිය හරහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමටත් QR කේතය මඟින් එම ප්‍රවේශ පත්‍ර තහවුරු කරගැනීමටත් හැකියාව ලැබෙන නිසා දුම්රිය දෙපාර්තමේන්තුව තුළ කඩදාසි භාවිතය ද අවම කිරීමට අපේක්ෂා කරයි.

ආසන වෙන් කිරීමේ හැකියාව ලබා දී ඇති ගමනාන්ත සහ දුම්රිය මැදිරි සඳහා පියවර කිහිපයක් මඟින් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට මගීන්ට මේ තුලින් අවස්ථාව හිමි වන අතර Visa, master හා Lanka QR ඇතුලුව ක්‍රමවේදයන් කිහිපයක් ඔස්සේ මේ සඳහා ගෙවීම් කිරීමටත් m -Ticketing(365) සේවාව සහිත දුම්රිය ස්ථාන වෙත පැමිණ ප්‍රවේශපත්‍රයේ යොමු අංකය සමඟ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම මඟින් වෙන් කරගත් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව උදා වේ.

දුම් රිය ආසන වෙන්කරවා ගැනිම සඳහා ලින්ක් එකට මෙතැනි පිවිසෙන්න...