ජාතික පාසල් ගුරු අපේක්ෂාවෙන් සිටින අයට 2023 සුබයි!

ජාතික පාසල් ගුරු අපේක්ෂාවෙන් සිටින අයට 2023 සුබයි!

2023 වසරේදී තවත් ජාතික පාසල් 200 ක් පාසල් පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ සියලුම පළාත් ආවරණය වන පරිදි පාසල් 09 ක් හදුන්වාදීමට හැකිවූ බවයි.

ජාතික පාසල් දහසක් වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය.

සියලුම පළාත් ආවරණය වන පරිදි පාසල් 9ක් අපි හදුන්වලා දුන්නා අලුතින්. ඊට පෙර අනිත් හැම එකකම බාලිකා පාසල් 42කුත්, සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි කටයුතු කරගෙන යනවා මේ වසරේ ප්‍රගතිය එහෙමයි.



වැඩබිම තවත් පුවත් කියවන්න...



ඊට පස්සේ 2023 වසරේ අපි තව පාසල් 200ක් පමණ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ 2024 වසරේ අපි තව පාසල් ටිකක් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. එතැනින් මේ කර්තව්‍ය අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මෙතැනදි 2021, 2022, 2023 දක්වා අපි අයෝජනය කරනවා සියලුම ජාතික පාසල් වලට හදුනාගත්තු 831ටත්, ඒ වගේම දැනට තියෙන ජාතික පාසල් 373ත් අඩුපාඩු, එතකොට ලංකාවේ ජාතික පාසල් සංඛ්‍යාව 1204 දක්වා වැඩිවෙනවා.