ශ්‍රේණි වෛද්‍යවරුන්ගෙ ස්ථාන මාරු ක්‍රියාවලිය තුල සෞඛ්‍ය අමාත්‍යංශයේ අකාර්යක්ෂම සහ වගකීම් විරහිත ක්‍රියාවලිය හමුවේ රෝහල් පද්ධතියේ සේවා බිඳවැටීමේ අවදානමක් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
වෛද්‍ය හිඟය ඇතුලු අභියෝග සහ දුෂ්කරතා ගණනාවක් මධ්‍යයේ ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව තුල ඉතා ගුණාත්මක රෝගී සත්කාර සේවාවක් ලබා දීම සදහා තීරණාත්මකම කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.
ශ්‍රී ලාංකීය වෛද්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවකි. රට පුරා සෞඛ්‍ය සේවාවන් ඉහළ ගුණාත්මකභාවයෙන් සහ සමානාත්මතාවයෙන් යුතුව අඛණ්ඩව ලබාදීමට නම්, රට පුරා සියලු රෝහල් සහ ප්‍රදේශ ආවරණය කරමින් වෛද්‍යවරුන් ස්ථානගත වීම අනිවාර්ය වේ.
මේ වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් යන සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව, විධිමත්ව සහ පාරදෘශ්‍ය ලෙස සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය නියාමනය වනුයේ ආයතන සංග්‍රහය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිගත රීති සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ ඔස්සේය. ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය වඩා පාරදෘශ්‍ය සහ විනිවිදභාවයෙන් යුතුව දේශපාලන හෝ කිසිදු බාහිර බලපෑමකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩල ද කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරයි.
23000 කට අධික ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය ක්‍රමවත්ව, පාරදෘශ්‍යව සහ කාර්යක්ෂම අයුරින් පවත්වා ගැනීම සදහා ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු මණ්ඩලයේ නිසි ක්‍රියාකාරිත්වය අතිශයින් වැදගත්ය. ආයතන සංග්‍රහය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිගත රීති වල ප්‍රතිපාදන අනුව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු මණ්ඩලයේ ප්‍රධාන සහ එකම පාර්ශවකරුවා වනුයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයයි. එහි අනෙක් සාමාජිකයා සෞඛ්‍ය අමාත්‍යංශයයි.
ඉතිහාසය පුරාම වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය විධිමත්ව සහ පාරදෘශ්‍යව පවත්වා ගැනීම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සිය වගකීම සහ කාර්යභාරය උපරිමයෙන් ඉටු කර ඇත.
එහෙත් මෑත කාලීනව වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියට අනීතික අයුරින් විවිධ පාර්ශව හරහා අනව්‍යශ බලපෑම් කිරීමේ සහ අත පෙවීමේ අහිතකර ප්‍රවණතාවයක් ගොඩනැගෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇත. එහිදි සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් නීතිමය ප්‍රතිපාදන පවා නොසලකා හරිමින් පිළිගත් ස්ථානමාරු ක්‍රියාවලිය උල්ලංඝණය කරමින් පවත්වාගෙන යන අත්තනෝමතික සහ අකාර්යක්ෂම වැඩපිළිවෙල හමුවේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය අවුල් ජාලාවක් බවට පත්ව ඇත.
මේ හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි අසාධාරණයට සහ පිඩාවට පත්ව ඇති අතර වෛද්‍ය හිඟය හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව ඇති රෝහල් පද්ධතිය ඉදිරියේදි බිඳවැට්මේ අවදානමක්ද මතුව ඇත.
සීමාවාසික පුහුණුව අවසන් කරන ලද වෛද්‍යවරුන් 1977 කින් සමන්විත කණ්ඩායම් දෙකක් මේ වන විට සිය අනුයුක්ත කිරීම බලාපොරොත්තුවෙන් රැදි සිටියි. එහි වෛද්‍යවරුන් 1494 කින් සමන්විත එක් කණ්ඩායමක් සිය සීමාවාසික පුහුණුව අවසන් කර මාස 09 කට අධික කාලයක් ගත වී ඇත. පර්යන්ත රෝහල් පද්ධතියේ ගැටළු ගණනාවකට විසදුම් ලබා දිය හැකි මෙම අනුයුක්ත කිරීම් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශය දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටියි.
ආයතන සංග්‍රහයට අනුව මෙම ලැයිස්තුව 2024.11.01 දින වන විට ප්‍රකාශයට පත්විය යුතුව තිබුනද මාස 09 කට අධික ප්‍රමාදයකින් පසු ප්‍රකාශයට පත් වුයේ 2025.07.11 වන දිනය. එම ලැයිස්තුවේද ගැටළු ගණනාවක් දක්නට ඇත. ස්ථාන මාරු මණ්ඩල වලදි ලබා ගත් තීරණ පවා ක්‍රියාත්මක වී නැත.
මේ වන විට ක්‍රියාත්මක නොවු ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු 10000 කට අධික ප්‍රමාණයක් ඇත. එය සමස්ථ ශ්‍රේණි වෛද්‍යවරුන්ගෙන් 50% කට ආසන්න ප්‍රමාණයකි. ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයටය. සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම් විරහිත හා අකාර්යක්ෂම ක්‍රියාවලිය හේතුවෙන් වෛද්‍යවරුන් 10000 කට අධික පිරිසක් දැඩි පිඩාවට පත්ව ඇත.
එහෙත්, තාවකාලික අනුයුක්ත ලබාදීමේ ක්‍රියාවලියෙන් වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩලය මඟහරිමින් අනීතික සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු කර ඇති අතර එහි අරමුණ වනුයේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය සහ සාධාරණත්වය උල්ලංඝනය කරමින් පෞද්ගලික හිතවත්කම් වලට ප්‍රමුඛතාවය ලබාදීම ද යන්න බරපතළ සැකයක් මතු වී ඇත.
ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ගැටළු පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා කිරීමට තිබු අවස්ථාව වසරකට අධික කාලයක් තිස්සේ අවහිර වී ඇත. එයට හේතු වී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත එම අභියාචනා ක්‍රමවේදයට අදාල සම්මත මෙහෙයුම් පටිපාටිය සකස් කර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ /වෛද්‍ය සේවා මෙතෙක් අසමත් වී තිබිමයි.
සෞඛ්‍ය පද්ධතිය තුල වෛද්‍ය හිගය උපරිමව කලමණාකරණ කරගනිමින් සෞඛ්‍ය ආයතන පවත්වාගෙන යාමේ යාන්ත්‍රණය වන ස්ථාන මාරු ක්‍රියාවලිය අමාත්‍යංශ නිලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා බිදවැටීමේ තර්ජනයට ලක්වීමෙන් දැනටමත් රට පුරා සියලුම පලාත් වල විහිදී ඇති රෝහල් , විශේෂයෙන්ම පර්යන්ත රෝහල් සහ සෞඛ්‍ය ආයතන වැසී යාමේ දැඩි තර්ජනයකට මේ වන විට මුහුණ දෙමින් පවතී.
එසේ තිබියදීත් ඉතා නිද්‍රාශීලිව සහ වගකීම් විරහිත ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් හැසිරෙමින්, මාරු මණ්ඩල වල නිර්දේශ සහ අනුමැතීන් පවා මඟහරිමින්, රටේ සෞඛ්‍ය සේවය ප්‍රපාතයකට ඇද දැමීමට සූදානම් වන්නේ ඇයිද, සහ ඒ කාගේ අවශ්‍යතාවයකට සහ සැලසුමකට සිදුවන කුමණ්ත්‍රණයක්ද යන්න විශාල ගැටලුවකි.
වත්මන් රජය සෞඛ්‍ය පද්ධතිය තුල ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කිරීමට සැලසුම් කරන මොහොතක මෙලෙස සාමාන්‍ය රාජකාරීන් පවා හිතාමතාම පැහැරහරින සහ ප්‍රමාද කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින්ගේ ක්‍රියාකාරිත්වය නිසා සිදුවනුයේ ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව නැවත ඛේදවාචකයක් කරා ගමන් කිරීම පමණි.
එබැවින් මෙම ගැටළු වහාම විසදා ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත්ව ක්‍රියාත්මක කිරීමත් ස්ථාන මාරු මණ්ඩල වල නෛතික ක්‍රියාකාරිත්වය තහවුරු කිරීමත් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වහාම මැදිහත් විය යුතු බව දැඩි සේ විශ්වාස කරමු.
මෙම වෛද්‍ය අනුයුක්ත කිරීම් සහ ස්ථාන මාරු කිරීමේ ක්‍රියාවලීන් නිසිලෙස ප්‍රතිස්ථාපනය කරගනිමින්, මාරු මණ්ඩල වල සහාභාගීත්වය ලබාගනිමින් වහාම,
යන කරුණු ක්‍රියාත්මක කිරීමෙන් වෛද්‍ය සේවාව බිඳවැටීම මඟින් රට තුල සිදුවීමට නියමිත නිදහස් සෞඛ්‍ය සේවාවේ බිඳවැටීම වලක්වාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය වගකීමෙන් සහ සද්භාවයෙන් යුතුව කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු.
