පසුගිය පශ්චාත් සීමාවාසික ලැයිස්තුව සහ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුවට අදාල අභියාචනාධිකරණ නඩුවේ වර්තමාන තත්ත්වය පිළිබඳව ගරු අභියාචනාධිකරණය විසින් ලබා දෙන නියෝග සහ උපදෙස් වලට යටත්ව මේ වන විට පැන නැඟි ඇති ගැටලුකාරි තත්ත්වය නිවැරදි කිරීම සඳහාත්, අසාධාරණයට පත් වෛද්යවරුන්ට සාධාරණය ඉටු කිරීම සඳහාත් ශ්රේණි වෛද්ය නිලධාරීන්ගේ ස්ථානමාරු මණ්ඩලයේ නිත්යානුකූල පාර්ශවකරුවෙක් ලෙස රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය අවශ්ය සහයෝගය සහ මැදිහත් වීම සිදු කිරීමට කටයුතු කරනු ඇති බව මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ,
ශ්රේණි වෛද්යවරුන්ගේ ස්ථානමාරු ක්රමවේදයේදි අඛණ්ඩතාවය සහ ශක්තිමත් බව රැක ගැනීමෙහිලා මෙන්ම මෙරට පර්යන්ත සහ දුෂ්කර රෝහල් පද්ධතියේ සෞඛ්ය සේවාවන් ගුණාත්මකව සහ අඛණ්ඩව පවත්වා ගැනීමෙහිලා ද, දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
පසුගිය පශ්චාත් සීමාවාසික ලැයිස්තුවේදි 2026.03.25 දින සෞඛ්ය අමාත්යංශය විසින් ප්රකාශයට පත් කරන ලද දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව සකස් කිරීමේදි පෙර පැවති පිළිගත් ක්රමවේදය සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම නිසා අර්බුදකාරි තත්ත්වයක් මතු විය.
එහිදි පැවති ක්රමවේදය නොසලකා හරිමින් නිත්යානුකූල පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයකින් ද තොරව එම ලැයිස්තුව සකස් කිරීමට සෞඛ්ය අමාත්යංශය විසින් කටයුතු කරන ලදී.
මේ හේතුවෙන් 2025.07.03 දින සීමාවාසික පුහුණුව අවසන් කරන ලද වෛද්ය කණ්ඩායමට සිය පශ්චාත් සීමාවාසික පුරප්පාඩු ලැයිස්තුවේ ගැටලුකාරි තත්ත්වයකට මුහුණ පෑමට සිදු වූ අතර එහිදි අගතියට සහ අසාධාරණයට ලක් වූ වෛද්යවරුන් දෙදෙනෙක් එම දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් ගරු අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී.
ශ්රේණි වෛද්ය නිලධාරීන්ගේ ස්ථානමාරු මණ්ඩලයේ නිත්යානුකූල පාර්ශවකරුවෙක් වන බැවින් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය ද එම නඩුවේ පාර්ශවකරුවෙක් ලෙස නම් කරන ලදී.
සියලු පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලු ගරු අභියාචනාධිකරණය පසුගිය 2026.10.14 දින මෙම නඩුව ඉදිරියටත් විභාග කිරීමට තිරණය කරනු ලැබු අතර පහත අතුරු තහනම් නියෝග දෙක ලබා දෙන ලදී.
පැවති පිළිගත් ක්රමවේදය නොසලකා හරිමින් නිත්යානුකූල පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් තොරව සෞඛ්ය අමාත්යංශය විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණ හේතුවෙන් මේ වන විට 2025.07.04 දිනැති කණ්ඩායමට අයත් ප්රාථමික ශ්රේණියේ වෛද්ය නිලධාරීන් කණ්ඩායමේ පමණක් නොව සමස්ත වෛද්යවරුන්ගේ ස්ථානමාරු ක්රියාවලිය තුල ද අසාධාරණයට ලක් වී ඇත.
පසුගිය පශ්චාත් සීමාවාසික ලැයිස්තුවේ සහ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුවේ නිත්යානුකූල බව අධිකරණය ඉදිරියේ ප්රශ්නගත වී ඇති පසුබිමක පවතින අධිකරණ ක්රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් එම ක්රියාවලිය තුල ගරු අභියාචනාධිකරණය විසින් ලබා දෙන නියෝග සහ උපදෙස් වලට යටත්ව මේ වන විට පැන නැඟි ඇති ගැටලුකාරි තත්ත්වය නිවැරදි කිරීම සඳහාත්, අසාධාරණයට පත් වෛද්යවරුන්ට සාධාරණය ඉටු කිරීම සඳහාත් ශ්රේණි වෛද්ය නිලධාරීන්ගේ ස්ථානමාරු මණ්ඩලයේ නිත්යානුකූල පාර්ශවකරුවෙක් ලෙස රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය අවශ්ය සහයෝගය සහ මැදිහත් වීම සිදු කිරීමට කටයුතු කරනු ඇත.
