හෙද ගැටළුවලට විසඳුමක් නොලැබුණුත් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව -GNOA

හෙද ගැටළුවලට විසඳුමක් නොලැබුණුත් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව -GNOA
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් හෙද සේවයේ පවතින ගැටළු සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා මාලාවක් පැවැත්වූ අතර නමුත් එහිදී සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් පසුගියදා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (GNOA) ඉල්ලීම් නවයක් ඉල්ලා හෙද වෘත්තීය සමිති දෙකක් සමඟ සහයෝගයෙන් දීපව්‍යාප්තව දින දෙකක විරෝධතාවයක් පවත්වන ලදී.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ, උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා දෙකක් කැබිනට් මණ්ඩලය වෙත යවා තිබෙන අතර ඒවා අද දිනයේ සාකච්ඡාවට යොමුකිරීමට නියමිත බවයි.
 

එමෙන්ම අනෙකුත් ඉල්ලීම් සඳහාත් ධනාත්මක විසඳුම් ලබා දීමට රජය පොරොන්දු වී තිබෙන අතර කැබිනට් පත්‍රිකා සඳහා අනුමැතිය හිමි නොවුනහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

දීපව්‍යාප්තව පැවති උද්ඝෝෂණයේ අවස්ථා කිහිපයක් පහතින්...

1

sss

ssss

2222